ඇෆ්ගනිස්ථාන සුපිරි ක්‍රීඩකයා බිග් බෑෂ් තරගාවලියෙන් නෙරපයි

මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ඇෆ්ගනිස්ථාන වේගපන්දු යවන ක්‍රීඩක ෆසාල්හක් ෆාරුකි වහාම එම තරගාවලියෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙවර තරගාවලියේ දී සිඩ්නි තන්ඩර් කණ්ඩායම නියෝජනය කරන ෆාරුකි, ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් මුල්කරගෙන මෙලෙස ඔහු තරගාවලියෙන් නොරපා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බ්‍රහස්පතින්දා සිදු වූ සිදුවීමකින් පසු ෆාරුකිගේ හැසිරීම පිළිබඳව පැමිණිලි ලැබී ඇති අතර, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ විශේෂ කොමසාරිස්වරයෙකු යටතේ ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.

එම විමර්ශනයෙන් පසු තීරණය කර ඇත්තේ ෆසාල්හක් ෆාරුකිගේ සිඩ්නි තන්ඩර් කණ්ඩායම සමඟ ඇති ගිවිසුම අවසන් කිරීමටයි.

ෆාරුකිගේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ, මෙම කාරණය පිළිබඳ තොරතුරු “රහස්‍ය” බවත් තවත් ප්‍රකාශයන් මේ සම්බන්ධයෙන් සිදුනොකරන” බවත්ය.

එමෙන්ම මෙම සිද්ධියට පොලිසියේ සම්බන්ධයක් කිසිසේත්ම නොමැති බවයි එම ප්‍රකාශකයා පවසා තිබෙනවා.

මෙවර තරඟාවලියෙන් ඉවත් වූ ඩේවිඩ් විලී වෙනුවට ෆාරුකි පසුගිය නොවැම්බර් මාසයේදී සිඩ්නි තන්ඩර් කණ්ඩායම සමඟ ගිවිසුම් අත්සන් කරනු ලැබුවා.

මේ අතර, ෆසාල්හක් ෆාරුකි කණ්ඩායමෙන් ඉවත් කිරීමත් සමඟ ආදේශක ක්‍රීඩකයෙක් සම්බන්ධයෙන් සිඩ්නි තන්ඩර් පිළ තවම තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ තෙල් ප්‍රශ්නෙටත් විසඳුම්..? සුබ පණිවිඩය මෙරටට රැගෙන ආ රුසියානු නි.ඇමති
01:28
Video thumbnail
අසීරු ඕනෑම අවස්ථාවකදී සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් බව රුසියානු නි. අමාත්‍ය කියයි
01:33
Video thumbnail
බස් රථ ධාවනය නොකරන ලෙසට බස් රියදුරන්ට සත්තම දැමූ තිදෙනෙක්ට වැඩ වරදියි
01:09
Video thumbnail
ජනපතිගෙයි, වසන්තගෙන් පාසලට ගිහින් සුසිල් රණසිංහ කිව්ව දේ..ජීවිතය අභියෝග මැදින් තමයි සාර්ථක වෙන්නේ
05:52
Video thumbnail
ශානිගේ සියළු චිත්‍රපටි Fail..පොඩි ආතල් එකක් ගන්න ඔයා..අනුර දකින හීනය දවල් හීනයක් විතරයි
04:14
Video thumbnail
රාහුල හිමි ජනපති ඉස්සරහම කිව්ව සැර කතාව..පුටු රත් කරනවට වඩා ගොඩක් වැඩ තියෙනවා
02:10
Video thumbnail
ඒ කාලේ මට JVP කාරයෙක් කිව්වා..මම සැලුනේ නෑ..රාහුල හිමි නලින්දට ප්‍රශංසා කරපු හැටි
04:51
Video thumbnail
ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
02:31
Video thumbnail
ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ගෙන් ගසා කන එක..රටේ තත්ත්වය ගන්නම දෙයක් නෑ
02:07
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රී ඇතුළු ප්‍රබලයින් රැසක්ම එකට හමුවෙයි
03:40