ඇෆ්ගනිස්ථානයෙන් ලකුණු 145ක ඉලක්කයක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි දොළහ වටයේ ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 144ක් රැස්කිරීමට සමත් වුණා.

එහිදී ඇෆ්ගනිස්ථාන ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු රහ්මානුල්ලා ගුර්බාස් ලකුණු 28ක් සහ උස්මාන් ගානි ලකුණු 27ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර සිය පන්දුවාර 04 තුළ ලකුණු 30ක් ලබාදී කඩුලු 02ක් බිඳ දැමුවා.

සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග ලකුණු 13කට ප්‍රතිවාදීන්ගේ කඩුලු 03ක් බිඳ දැමීමට සමත් වුණා.

ඒ, අනුව ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාවට හිමිව ඇති ඉලක්කය ලකුණු 145ක්.