AFC Banner
Empty Ad
Empty Ad

ඇෆ්ගනිස්තාන ඇමැති බයිසිකලෙත් අරන් ‘ඩිලිවරි’ රස්සාවට බහී

ඇෆ්ගනිස්තානයේ හිටපු සන්නිවේදන අමාත්‍යවරයා වන සයෙඩ් සදාත් මහතා මේ වනවිට පාපැදියක නැගී භාණ්ඩ ප්‍රවාහනය නිරීමේ රැකියාවක් තෝරාගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට ඇත.

පසුගිය සැප්තැම්බරයේ ජර්මනිය බලා ගොස් ඇති ඒ මහතා මෙම රැකියාව තෝරාගෙන ඇති බව දැනගන්නට තිබේ.

ඒ මහතා සදහන් කර ඇත්තේ තමන් දූෂිතව කිසිදු මුදලත් ඉපයූවේ නැති බවත්, එසේ මුදල් ඉපයූවේ නම් අනෙකුත් ඇමැතිවරුන්ට මෙන්ම තමන්ටද ගොඩනැගිලි, දේපොළ වෙනත් රටවලින් මිලදී ගැනීමට හැකියාව තිබූ බවකි.

නමුත් තමන් එසේ නොකළ බව කියන සදාත් මහතා එදත් තමන් ජනතාවට සේවය කළ බවත්, අදත් තමන් ජනතාවට සේවයක් කරන බවත් කියා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?