ඇහැළියගොඩ ඉඩමක දූරියන් ගසක් යට පුද්ගල මළ සිරුරක්

ඇහැළියගොඩ, බටහිර පත්බේරිය, වටාම්පිටිය ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඉඩමක තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (02) සොයාගෙන තිබෙනවා.

අදාළ ඉඩමේ දූරියන් ගසක් යට තිබී මෙලෙස සොයාගෙන ඇත්තේ 27 හැවිරිදි වියේ පසු වූ පරකඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ මළ සිරුරක්.

එම මළ සොරුර සොයාගන්නා අවස්ථාවේ දී එක් පාදයක පිළිස්සුම් තුවාල දක්නට තිබූ බවයි පොලිසිය පවසන්නේ.

අදාළ ඉඩමේ හිමිකරු විසින් දූරියන් ආරක්ෂා කරගැනීමට ඉඩමට විදුලි රැහැන් ඇද තිබී ඇති අතර, මෙම පුද්ගලයාට විදුලි සැර වැදීමෙන් මියගොස් ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉඩමේ හිමිකරුවන 51 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් පසු එය ඇහැළියගොඩ රෝහලේ මෘත ශරීරාගාරයට යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?