ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය සිදුකෙරේ

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය චාරිත්‍රානුකූලව අවසන් කරමින් සිදුකරන දිය කැපීමේ චාරිත්‍රය අද (28) පෙරවරුවේ ගැටඹේ මහවැලි ගංතොට දිය කපන ස්ථානයේ දී සිදුකරනු ලැබුවා.

සම්ප්‍රදායානුකූල දිය කැපීමේ මංගල්‍යය චාරිත්‍රානුකූලව සිදු කිරීමෙන් පසුව පෙරහැර නැවත මහනුවර ගණදෙවි කෝවිල දක්වා විත් ඉන් පසු ගෙඩිගේ රජමහා විහාරය වෙත ළඟා වුණා.

අනතුරුව අද දහවල් පෙරහැරින් පසු මෙවර ඇසළ පෙරහැර මංගල්‍ය නිමාවට පත්වීමට නියමිතයි.

ගෙඩිගේ රාජමහා විහාරයේ සිට අද (28) පස්වරු. 2:18ට උතුරු දිශාමුඛව පිටත්වන දහවල් පෙරහැර, ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර සහ දේව වීදිය ඔස්සේ රජවීදියට හැරී, ශ්‍රී දළදා මාලිගා චතුරස්‍රය තෙවරක් ප්‍රදක්ෂිණා කිරීමට නියමිත අතර,
අනතුරුව පස්වරු 4:01ට උතුරු දිශාමුඛව දළදා මාලිගාව වෙත ගෙවැදීම සිදුකෙරෙනවා.

ඉන් අනතුරුව පෙරහැර කටයුතු සාර්ථකව නිම කළ බව සඳහන් සන්නස් පත්‍රය දියවඩන නිලමේවරයා ප්‍රමුඛ සතර මහා දේවාලවල නිලමේවරුන් විසින් සංදේශයකින් ජනාධිපතිවරයා වෙත භාරදෙන අතර, එම උත්සවය අද (28) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15
Video thumbnail
සජිත් මැතිතුමනි ඔබ පින මතුවේවා
01:23
Video thumbnail
ඔබතුමා එඩිතරව වැඩේ කරගෙන යන්න
00:54