ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද රාත්‍රියේ

කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යයේ පස්වන සහ අවසන් කුඹල් පෙරහැර අද (03) වීථී සංචාරය කිරීමට නියමිතයි.

මේ අතර ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහැර ඊයේ (02) රාත්‍රි වීථී සංචාරය කෙරුණා.

සිව්වන කුඹල් පෙරහැරේ ඉන්දිරාජා මංගල හස්තියා විසින් සධාතුක පෙරහැර කරඬුව වැඩම කරනු ලැබුවා.

දෑල ඇතුන් ලෙස මෙම පෙරහැරේ ගමන් ගත්තේ කෝට්ටේරාජා සහ පුලතිසිරාජායි.

කුඹල් පෙරහැර අදින් අවසන් වූ පසු, ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර හෙට (04) රාත්‍රියේ වීථී සංචාරය කෙරෙනවා.

මෙවර කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර අගෝස්තු 08 වනදා වීථි සංචාරය කිරීමට නියමිතව ඇති අතර, ඊට පසුදින පවත්වනු ලබන දහවල් පෙරහැරින් අනතුරුව මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?