ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද රාත්‍රියේ

කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යයේ පස්වන සහ අවසන් කුඹල් පෙරහැර අද (03) වීථී සංචාරය කිරීමට නියමිතයි.

මේ අතර ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහැර ඊයේ (02) රාත්‍රි වීථී සංචාරය කෙරුණා.

සිව්වන කුඹල් පෙරහැරේ ඉන්දිරාජා මංගල හස්තියා විසින් සධාතුක පෙරහැර කරඬුව වැඩම කරනු ලැබුවා.

දෑල ඇතුන් ලෙස මෙම පෙරහැරේ ගමන් ගත්තේ කෝට්ටේරාජා සහ පුලතිසිරාජායි.

කුඹල් පෙරහැර අදින් අවසන් වූ පසු, ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර හෙට (04) රාත්‍රියේ වීථී සංචාරය කෙරෙනවා.

මෙවර කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර අගෝස්තු 08 වනදා වීථි සංචාරය කිරීමට නියමිතව ඇති අතර, ඊට පසුදින පවත්වනු ලබන දහවල් පෙරහැරින් අනතුරුව මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?