ඇසළ පුර පසළොස්වක පෝහෝ දිනය අදයි (වීඩියෝ)

ඇසළ පුර පසළොස්වක පෝහෝ දිනය අදට යෙදී තිබෙනවා.

බෞද්ධ ඉතිහාසයේ ආගමික හා ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් ඇසළ පුර පසළොස්වක පෝහෝ දිනයේ සිදුව තිබීම හේතුවෙන් මෙම පොහෝ දිනය බෞද්ධන් අතර වැදගත් තැනක් ගනු ලබනවා.

බෝසතාණන් වහන්සේ මවු කුස පිළිසිඳ ගැනීම, අභිනිෂ්ක‍්‍රමණය, ප‍්‍රථම ධර්ම දේශනාව වූ “ධම්මචක්ක පවත්තන සූත‍්‍රය” දේශනා කිරීම යන කරුණු හේතුවෙන් මෙම පොහෝ දිනය ලංකාවාසී බෞද්ධය ජනතාවට ඉතා වැදගත්.

එමෙන්ම රාහුල කුමරුගේ උපත සිදුවීම, තීර්ථකයන්ගේ මානය බිඳීම සඳහා ගන්ධබ්බ රුක් මූලයේ දී යමාමහ පෙළහර පෑම වැනි සිදුවීම ද මෙම පුර පසළොස්වක පෝහෝ දිනයේ දී බුද්ධ ඉතිහාසය තුළ සිදුව තිබෙනවා.

කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු සමයේ සියම් රටින් උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා මෙරට උපසම්පදාව යළි ඇති කිරීම ද සිදු වූයේ ඇසළ පෝය දිනකයි.

මේ අතර විහාරස්ථානවල වැඩවෙසෙන භික්ෂූන් වහන්සේලා පෙර වස් විසීම සිදුකරන්නේත් මෙම ඇසළ පෝය දිනවීම විශේෂත්වයක්.

මේ අතර ‘දසත බෝපත’ පෝදා වැඩසටහන අද දිනයේ පුරා කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08