AFC Banner
Empty Ad
Empty Ad

ඇසළ පුර පසළොස්වක පෝහෝ දිනය අදයි (වීඩියෝ)

ඇසළ පුර පසළොස්වක පෝහෝ දිනය අදට යෙදී තිබෙනවා.

බෞද්ධ ඉතිහාසයේ ආගමික හා ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් ඇසළ පුර පසළොස්වක පෝහෝ දිනයේ සිදුව තිබීම හේතුවෙන් මෙම පොහෝ දිනය බෞද්ධන් අතර වැදගත් තැනක් ගනු ලබනවා.

බෝසතාණන් වහන්සේ මවු කුස පිළිසිඳ ගැනීම, අභිනිෂ්ක‍්‍රමණය, ප‍්‍රථම ධර්ම දේශනාව වූ “ධම්මචක්ක පවත්තන සූත‍්‍රය” දේශනා කිරීම යන කරුණු හේතුවෙන් මෙම පොහෝ දිනය ලංකාවාසී බෞද්ධය ජනතාවට ඉතා වැදගත්.

එමෙන්ම රාහුල කුමරුගේ උපත සිදුවීම, තීර්ථකයන්ගේ මානය බිඳීම සඳහා ගන්ධබ්බ රුක් මූලයේ දී යමාමහ පෙළහර පෑම වැනි සිදුවීම ද මෙම පුර පසළොස්වක පෝහෝ දිනයේ දී බුද්ධ ඉතිහාසය තුළ සිදුව තිබෙනවා.

කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු සමයේ සියම් රටින් උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා මෙරට උපසම්පදාව යළි ඇති කිරීම ද සිදු වූයේ ඇසළ පෝය දිනකයි.

මේ අතර විහාරස්ථානවල වැඩවෙසෙන භික්ෂූන් වහන්සේලා පෙර වස් විසීම සිදුකරන්නේත් මෙම ඇසළ පෝය දිනවීම විශේෂත්වයක්.

මේ අතර ‘දසත බෝපත’ පෝදා වැඩසටහන අද දිනයේ පුරා කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?