ඇමෙරිකාව සලිත කරන ‘ඔත්තු බලන දොඹකර’

චීන කොමියුනිස්ට් පක්ෂයට එල්ලවන ප්‍රබල චෝදනා අතර වෙනත් රටවල ඔත්තු බැලීම ප්‍රධානයි.ඒ සඳහා ඔවුන් යොදා ගන්නා ඇදහිය නොහැකි විවිධ උපක්‍රම ලෝකයම මේ වන විට සලිත කර තිබෙනවා.සයිබර් ඔත්තු බැලීමේ ප්‍රමුඛයෙක් වන චීනය මේ වන විට අතිශය භයානක සීමාවක් පසුකර තිබෙනවා. එනම් චීනයේ නිෂ්පාදිත දොඹකර ආධාරයෙන් සයිබර් ප්‍රහාරයක් දියත් කිරීමේ අවදානමක් සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය කර ඇති නවතම අනතුරු ඇඟවීම මුලු ලොවම සලිත කරවන්නක්.

ඒ හරහා ඇමෙරිකාවේ සමස්ත යටිතල පහසුකම් ව්‍යුහයම අවදානමකට ලක්ව ඇතැයි සඳහන්.ලොව විශාලතම භාණ්ඩ දොඹකර නිෂ්පාදකයා වන ෂැංහයි පදනම් කරගත් China ZPMC එක්සත් ජනපදය පුරා පමණක් ලොව කාර්යබහුලම ප්‍රධාන වරායන් බොහෝමයක ප්‍රමුඛතම දොඹකර සැපයුම්කරුවයි.

මෙම දොඹකර කැමරා සහ අති නවීන අන්තර්ජාල සම්බන්ධතාවකින් සමන්විත වන අතර ඊට නවීන අන්තර්ජාල පහසුකම් සහිත උපාංග සම්බන්ධ කර තිබෙනවා.මෙම අන්තර්ජාල ඒකාබද්ධ කිරීම ඉහළ කාර්යක්ෂමතා ඉලක්ක සපුරා ගැනීමේ අරමුණින් යුක්ත වුවත් එය අන්තරාදායක අවදානමක් නිර්මාණය කර ඇත්තේ චීනයට රහසිගතව ඔත්තු බැලීමට සහ දුරස්ථව වරාය මෙහෙයුම් පවා කඩාකප්පල් කිරීමට ඉඩ සැලෙසන බැවිනුයි.

මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවූ කොංග්‍රස් ලිපියක දැක්වුණේ චීන දොඹකර මත හැකර්වරුන්ට දුරස්ථ ප්‍රවේශය ලබා දෙන උපාංග රහසිගතව සවිකර ඇති අතර එමගින් ඔ්නෑම මොහොතක වරායේ කටයුතු අත්පත් කර ගැනීමට අවස්ථාව සැලසෙන බවයි.

සමුද්‍රීය වෙළඳාම අඩපණ කළ හැකි මෙම දරුණු අවදානමට මුහුණ දීම සඳහා ZPMC දොඹකර ඉවත් කිරීමට සහ ජපානය වැනි විශ්වාසවන්ත රටකින් මිලදී ගන්නා දොඹකර ප්‍රතිස්ථාපනයට එක්සත් ජනපදයේ වරායන්ට සහය වීම සඳහා ඩොලර් බිලියන 20ක් වෙන් කරන ලෙස කොංග්‍රස් ලිපියෙන් බයිඩන් පරිපාලනයට බල කර තිබෙනවා.

කෙසේ වෙතත්, චීන සයිබර් ප්‍රහාරය හුදෙක් “ඔත්තු දොඹකර” තර්ජනයෙන් ඔබ්බට විහිදෙනවා. පසුගිය වසරේ මැයි මාසයේ දී මයික්‍රොසොෆ්ට් විසින් භයානක “වෝල්ට් ටයිෆූන්” – “Volt Typhoon” සයිබර් ප්‍රහාර ව්‍යාපාරය පිළිබඳ අනතුරු ඇඟවූ අතර එය අනාගත යුද ගැටුම්වලදී එක්සත් ජනපදය සහ ආසියා-පැසිෆික් කලාපය සම්බන්ධ කරන තීරණාත්මක සන්නිවේදන යටිතල පහසුකම් කඩාකප්පල් කිරීමට පැහැදිලිවම නිර්මාණය කර තිබෙනවා.
තායිවානය සම්බන්ධයෙන් චීනය සමඟ ගැටුමක් වැනි අර්බුදකාරී අවස්ථාවක දී ඇමරිකානු මැදිහත් වීම අඩපණ කිරීමට චීනය සයිබර් අවි නිපදවන බව ඉන් හෙළිකෙරන සත්‍යයි.

සයිබර් ආරක්ෂණ සහ යටිතල පහසුකම් ආරක්ෂණ ඒජන්සියේ (CISA) අධ්‍යක්ෂ ජෙන් ඊස්ටර්ලි අනතුරු ඇඟවූයේ චීනය විසින් එක්සත් ජනපදයේ බලශක්ති, සන්නිවේදන, ප්‍රවාහනය වැනි තීරණාත්කම යටිතල පහසුකම් ව්‍යුහයන් සෑම තැනක්ම ඉලක්ක කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
මුජිබුර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31