ඇමෙරිකාවේ පාසලකට වෙඩි වරුසාවක්

ඇමෙරිකාවේ මිනියාපොලිස් ප්‍රදේශයේදී පාසලක දේව මෙහෙයක් ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාරයක් ඊයේ (27) උදෑසන එල්ල වී තිබෙනවා.

මෙම වෙඩි ප්‍රහාරයෙන් 08 සහ10 වයස්වල පසුවන පාසල් සිසුන් දෙදෙනෙක්ට දිවි අහිමි වී ඇති අතර තවත් පාසල් සිසුන් 14දෙනෙක් ඇතුළු පුද්ගලයන් 17දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

දේව මෙහෙය සිදු වෙමින් පැවති අවස්ථාවේදී දේවස්ථානයේ ජනේලයක් හරහා මෙම වෙඩි තැබීම සිදු වී ඇති අතර වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා 23 හැවිරිදි රොබින් වෙස්ට්මන් නම් අයෙක්වන අතර ඔහු එම ස්ථානයේම වෙඩි තබා ගැනීමෙන් සිය දිවි හානි කර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?