AFC Banner
Empty Ad
Empty Ad

ඇමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ඉන්දියාවට

විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සඳුදා (17) නවදිල්ලියේ දී එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් හමුවුණා.

එහිදී විවිධ ද්විපාර්ශ්වික, කලාපීය සහ ගෝලීය ගැටලු සාකච්ඡාවට ලක් ව තිබෙනවා.

ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර උපායමාර්ගික හවුල්කාරිත්වය නුදුරු කාලීන ව ශක්තිමත්ව ඉදිරියට යනු ඇති බවට ජයශංකර් එහිදී විශ්වාසය පළ කර තිබුණා.

සුලිවන් නව දිල්ලියට පැමිණියේ අවදානම් සහ නැගී එන තාක්ෂණයන් (iCET) පිළිබඳ මුලපිරීමේ දෙවන රැස්වීමට සහභාගී වීමටයි.

මෝදි රජය තෙවැනි වරටත් බලයට පත්වීමෙන් පසු ජ්‍යෙෂ්ඨ අමෙරිකානු නිලධාරියකුගේ පළමු සංචාරය මෙය වනවා.

ඔහු සිය සංචාරය අතරතුර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙන්ම ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ද හමුවීමට නියමතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?