ඇමැති බැසිල්ගේ සහන පැකේජය

ඇති වී තිබෙන ලෝක වසංගත තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය යළි සක්‍රීය තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් අඛණ්ඩව ලබා දෙමින් සංචාරක කර්මාන්තය හා ඒ ආශ්‍රිත ක්ෂේත්‍රවල වර්ධනයට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ අංශ සමග ඊයේ (30) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා ­මේ බව සඳහන් කළා.

සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ දී සංචාරක හෝටල් හිමියන්, ගුවන් සමාගම් සහ සංචාරක නියෝජිත ආයතන මුහණ දෙන ගැටලු සම්බන්ධව එම ක්ෂේත්‍රවල නියෝජිතයෝ මෙහි දී අමාත්‍යවරයා දැනුවත් කර තිබෙන අතර හඳුනාගත් ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ අදාළ ක්ෂේත්‍රවල නියෝජිතයන් සමග වෙන් වෙන් ව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

මෙහි දී අදහස් දැක් වූ මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ඉලක්ක ගත වැඩපිළිවෙළක් යටතේ සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පහසුකම් සැපයීමට රජය නොපැකිළ ව කටයුතු කරන බවයි.

පසුගිය යුධ සමයේ දී ද සංචාරක කර්මාන්තයේ යම් බිඳ වැටීමක් ඇති වූ අවස්ථාවේ දී එම අභියෝග ජයගැනීමට කටයුතු කළ ආකාරය සිහිපත් කළ අමාත්‍යවරයා, පවතින තත්ත්වය ද කෙටි කාලයක් තුළ මග හරවා ගැනීමට හැකි වන බවට විශ්වාස පළ කර තිබෙනවා.

සීමා ලිහිල් කිරීමට සාකච්ඡා

මෙරට කොවිඩ් වසංගත තත්ත්වය සහ එන්නත්කරණ වැඩපිළිවෙළ සම්බන්ධ ප්‍රගතිය පිළිබඳ ව සෙසු රටවල් දැනුවත් කිරීමට කටයුතු කරන අතර වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට සංචරණ සීමා පනවා ඇති රටවල් සමග එම සීමා ලිහිල් කර ගැනීමට වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කිරීමට කටයුතු කරන බව ද බැසිල් රාජපක්ෂ මහතා මෙහි දී සඳහන් කළා.

එහි දී කොවිඩ් වසංගත තත්ත්වය සහ එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් තොරතුරු නිකුත් කිරීමේ දී අදාළ අංශ ඒකාබද්ධ වැඩපිළි‍වෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහි දී අවධාරණය කෙරිණි. 

යම් පසුබැසීමක් 

කොවිඩි වසංගත තතත්ත්වයත් සමග මෙරට ක්ෂේත්‍ර ගණනාවක යම් පසුබැසීමක් ඇති වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා පසුගිය කාල සීමාව තුළ අඛණ්ඩව ක්‍රියාත්මක කළ වැඩසටහන් හේතුවෙන් මාස කිහිපයක් තුළ මෙරට අපනයන ආදායම් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ලෙස වර්ධනයක් ළගා කර ගැනීමට හැකි වී ඇති බව ද පෙන්වා දුන්නා.

එසේ ම සංචාරක ක්ෂේත්‍රය ද කඩිනමින් යථා තත්ත්වයට පත් කොට විදේශ විනිමය උපයන මට්ටමට පත් කිරීමේ අවශ්‍යතාව ද හෙතෙම අවධාරණය කළා.

සහන පැකේජ එයි

මෙහි දී අදහස් දැක් වූ සංචාරක හෝටල් සංගමයේ නියෝජිතයන් සඳහන් කළේ වසංගත තත්ත්වය හමු­වේ රජය විසින් කොවිඩ් පුනරුද සහන යෝජනා ක්‍රමය යටතේ  සංචාරක කර්මාන්තය වෙනුවෙන් සිදු කළ කාර්යභාරය ප්‍රශංසනීය බවත්, ඉදිරි ඉලක්ක සපුරා ගැනීම සඳහා රජයේ වැඩපිළිවෙළට සහය ලබා දීමට තමන් සූදානම් බවත් ය.

වසංගත තත්ත්වය හමුවේ සංචාරක කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා ලෝකයේ බොහෝ රටවල් විවිධ සහන පැකේජ හඳුන්වා දී ඇති අතර ඒවා අධ්‍යයනය කර තරගකාරී ලෙස සංචාරක ආකර්ෂණය ඇති වන පරිදි සහන පැකේජ හඳුන්වා දීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව ද මුදල් අමාත්‍යවරයා මෙහි දී වැඩි දුරටත් පෙන්වා දුන්නා.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?