ඇමැති බැසිල්ගේ සහන පැකේජය

ඇති වී තිබෙන ලෝක වසංගත තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය යළි සක්‍රීය තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් අඛණ්ඩව ලබා දෙමින් සංචාරක කර්මාන්තය හා ඒ ආශ්‍රිත ක්ෂේත්‍රවල වර්ධනයට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ අංශ සමග ඊයේ (30) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා ­මේ බව සඳහන් කළා.

සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ දී සංචාරක හෝටල් හිමියන්, ගුවන් සමාගම් සහ සංචාරක නියෝජිත ආයතන මුහණ දෙන ගැටලු සම්බන්ධව එම ක්ෂේත්‍රවල නියෝජිතයෝ මෙහි දී අමාත්‍යවරයා දැනුවත් කර තිබෙන අතර හඳුනාගත් ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ අදාළ ක්ෂේත්‍රවල නියෝජිතයන් සමග වෙන් වෙන් ව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

මෙහි දී අදහස් දැක් වූ මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ඉලක්ක ගත වැඩපිළිවෙළක් යටතේ සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පහසුකම් සැපයීමට රජය නොපැකිළ ව කටයුතු කරන බවයි.

පසුගිය යුධ සමයේ දී ද සංචාරක කර්මාන්තයේ යම් බිඳ වැටීමක් ඇති වූ අවස්ථාවේ දී එම අභියෝග ජයගැනීමට කටයුතු කළ ආකාරය සිහිපත් කළ අමාත්‍යවරයා, පවතින තත්ත්වය ද කෙටි කාලයක් තුළ මග හරවා ගැනීමට හැකි වන බවට විශ්වාස පළ කර තිබෙනවා.

සීමා ලිහිල් කිරීමට සාකච්ඡා

මෙරට කොවිඩ් වසංගත තත්ත්වය සහ එන්නත්කරණ වැඩපිළිවෙළ සම්බන්ධ ප්‍රගතිය පිළිබඳ ව සෙසු රටවල් දැනුවත් කිරීමට කටයුතු කරන අතර වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට සංචරණ සීමා පනවා ඇති රටවල් සමග එම සීමා ලිහිල් කර ගැනීමට වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කිරීමට කටයුතු කරන බව ද බැසිල් රාජපක්ෂ මහතා මෙහි දී සඳහන් කළා.

එහි දී කොවිඩ් වසංගත තත්ත්වය සහ එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් තොරතුරු නිකුත් කිරීමේ දී අදාළ අංශ ඒකාබද්ධ වැඩපිළි‍වෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහි දී අවධාරණය කෙරිණි. 

යම් පසුබැසීමක් 

කොවිඩි වසංගත තතත්ත්වයත් සමග මෙරට ක්ෂේත්‍ර ගණනාවක යම් පසුබැසීමක් ඇති වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා පසුගිය කාල සීමාව තුළ අඛණ්ඩව ක්‍රියාත්මක කළ වැඩසටහන් හේතුවෙන් මාස කිහිපයක් තුළ මෙරට අපනයන ආදායම් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ලෙස වර්ධනයක් ළගා කර ගැනීමට හැකි වී ඇති බව ද පෙන්වා දුන්නා.

එසේ ම සංචාරක ක්ෂේත්‍රය ද කඩිනමින් යථා තත්ත්වයට පත් කොට විදේශ විනිමය උපයන මට්ටමට පත් කිරීමේ අවශ්‍යතාව ද හෙතෙම අවධාරණය කළා.

සහන පැකේජ එයි

මෙහි දී අදහස් දැක් වූ සංචාරක හෝටල් සංගමයේ නියෝජිතයන් සඳහන් කළේ වසංගත තත්ත්වය හමු­වේ රජය විසින් කොවිඩ් පුනරුද සහන යෝජනා ක්‍රමය යටතේ  සංචාරක කර්මාන්තය වෙනුවෙන් සිදු කළ කාර්යභාරය ප්‍රශංසනීය බවත්, ඉදිරි ඉලක්ක සපුරා ගැනීම සඳහා රජයේ වැඩපිළිවෙළට සහය ලබා දීමට තමන් සූදානම් බවත් ය.

වසංගත තත්ත්වය හමුවේ සංචාරක කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා ලෝකයේ බොහෝ රටවල් විවිධ සහන පැකේජ හඳුන්වා දී ඇති අතර ඒවා අධ්‍යයනය කර තරගකාරී ලෙස සංචාරක ආකර්ෂණය ඇති වන පරිදි සහන පැකේජ හඳුන්වා දීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව ද මුදල් අමාත්‍යවරයා මෙහි දී වැඩි දුරටත් පෙන්වා දුන්නා.  

  1. බැසිල්ගෙ සහන පැකේජය උගෙම පවුලෙ උන්ට වාසියට කර ගනී , මිස්ටර් කොමිස් 4% මේ යකා කිසිවක් කරන්නෙ නැහෙ ඌට කොමිස් එකක් නැතිනම් , කාලකන්නියා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34