ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියාව එක්ව න්‍යෂ්ටික සබ්මැරීන නිෂ්පාදනයට සැරසෙයි

න්‍යෂ්ටික බලය සහිත සබ්මැරීන් නිෂ්පාදනය සඳහා ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියාව යන රටවල නායකයින් එකඟතාවකට පැමිණ තිබෙනවා.

ඒ, අනුව මෙම රටවල් තුන එක්ව ගොඩනඟා ගත් ‘ඕකස්’ ගිවිසුමට අනුව ඕස්ට්‍රේලියාව මූලික වශයෙන් ඇමරිකාවෙන් න්‍යෂ්ටික බලය සහිත සබ්මැරීන් තුනක් මිලදී ගැනීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අනතුරුව මෙම රටවල් තුන එක්ව තාක්ෂණය භාවිත කරමින් අධි තාක්ෂණික න්‍යෂ්ටික බලය සහිත නව සබ්මැරීන් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඉන්දු පැසිෆිස් සාගර කලාපයේ චීන බලපෑමට එරෙහිව ප්‍රහාරක හැකියාව වර්ධනය කරගැනීමේ අරමුණින් මෙම රටවල් තුන මෙලෙස එක්ව ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙම හවුල්කාරිත්වය කිසිඳු රටක් ඉලක්ක කරගත් හවුල්කාරිත්වයක් නොවන බවත්, චීනය සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට කැපවී සිටින බවත් එම රටවල් තුනේ නායකයින් ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?