ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියාව එක්ව න්‍යෂ්ටික සබ්මැරීන නිෂ්පාදනයට සැරසෙයි

න්‍යෂ්ටික බලය සහිත සබ්මැරීන් නිෂ්පාදනය සඳහා ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියාව යන රටවල නායකයින් එකඟතාවකට පැමිණ තිබෙනවා.

ඒ, අනුව මෙම රටවල් තුන එක්ව ගොඩනඟා ගත් ‘ඕකස්’ ගිවිසුමට අනුව ඕස්ට්‍රේලියාව මූලික වශයෙන් ඇමරිකාවෙන් න්‍යෂ්ටික බලය සහිත සබ්මැරීන් තුනක් මිලදී ගැනීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අනතුරුව මෙම රටවල් තුන එක්ව තාක්ෂණය භාවිත කරමින් අධි තාක්ෂණික න්‍යෂ්ටික බලය සහිත නව සබ්මැරීන් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඉන්දු පැසිෆිස් සාගර කලාපයේ චීන බලපෑමට එරෙහිව ප්‍රහාරක හැකියාව වර්ධනය කරගැනීමේ අරමුණින් මෙම රටවල් තුන මෙලෙස එක්ව ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙම හවුල්කාරිත්වය කිසිඳු රටක් ඉලක්ක කරගත් හවුල්කාරිත්වයක් නොවන බවත්, චීනය සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට කැපවී සිටින බවත් එම රටවල් තුනේ නායකයින් ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53
Video thumbnail
සටන අවසන් නෑ - අරගලය එහෙමම ඉතුරුයි
06:38
Video thumbnail
අනෝජන්ට සමාව ඉල්ලා රත්නපුර මිනිස්සු පාරට බහී
04:11
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:57:05
Video thumbnail
ගහක් අස්සේ ඉඳගෙන දඩස් ගාලා ටෝර්ච් ගැහුවේ - 120න් ආවා කියලා ඔයා මොකෙන්ද මනින්නේ
05:02