ඇමරිකාවේ දැඩි ශීත කාලගුණයෙන් 12ක් මරුට

ඇමරිකා එක්සත් ජනපදය පුරා පැතිර පවතින දැඩි ශීත කාලගුණික තත්ත්වය හමුවේ පුද්ගල මරණ 12ක් මේවන විට වාර්තාවී තිබෙනවා.

මිලියන 200ක පමණ ජනගහනයක් මෙම කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගුවන් ගමන් දහස් ගණනක් ද මේවන විට අවලංගු කර ඇති අතර ප්‍රදේශ රැසක විදුලි විසන්ධි වීම් ද වාර්තා වනවා.

මොන්ටානා Elk Park හි උෂ්ණත්වය -50F (-45C) දක්වා පහත වැටී ඇති අතර, Michigan හි Hell නගරය ද ශීත කාලගුණයෙන් පිඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පෙන්සිල්වේනියා සහ මිචිගන් ප්‍රදේශවල දැඩි හිම පතනයක් සිදුවිය හැකි බවට අනාවැකි පළකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?