ඇමරිකාවටත් තරවටුවක් කරමින් ඉරානය, ඊශ්‍රායලයට යළිත් අනතුරු අඟවයි

ඉරානය විසින් දියත් කරන ලද ඩ්‍රෝන යානා සහ මිසයිල ප්‍රහාරවලට ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර එල්ල කළහොත් ඊට වඩා විශාල ප්‍රතිචාරයක් දක්වන බවට ඉරානය අනතුරු අඟවා තිබෙනවා.

ඉරානය විසින් අද (14) දිනයේ මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති අතර, ඊශ්‍රායල භූමියට එල්ල වූ පෙර නොවූ විරූ ප්‍රහාරයට ප්‍රතිචාර නොදැක්විය යුතු බවයි පවසා ඇත්තේ.

ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මොහොමඩ් බගෙරි එරට රාජ්‍ය රූපවාහිනියට පැවසුවේ ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර දියත් කළහොත් ඉරානයේ ප්‍රතිචාරය එක රැයකින් සිදු වූ බෝම්බ ප්‍රහාරයට වඩා “බොහෝ විශාල” වනු ඇති බවයි.

මේ අතර ඊශ්‍රායල ප්‍රතිප්‍රහාරවලට පිටුබලය දීම එක්සත් ජනපද කඳවුරු ඉලක්ක කිරීමට තුඩු දෙනු ඇතැයි ඉරානය වොෂින්ටනයට ද අනතුරු ඇඟවා තිබෙනවා.

ටෙහෙරානයේ පෙර නොවූ විරූ ප්‍රහාරවලින් ආරක්ෂා වීමට ඊශ්‍රායලය විශිෂ්ට හැකියාවක් පෙන්නුම් කළ බව තමා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට පැවසූ බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබෙනවා.

මේ අතර ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අද (14) දිනයේ ජී 07 රටවල නායකයින්ගේ සාකච්ඡාවක් කැඳවන බව ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.

ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේ සිදුකළ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි අරමුණ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
5
+1
8
+1
2
+1
4
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?