ඇමරිකාවටත් තරවටුවක් කරමින් ඉරානය, ඊශ්‍රායලයට යළිත් අනතුරු අඟවයි

ඉරානය විසින් දියත් කරන ලද ඩ්‍රෝන යානා සහ මිසයිල ප්‍රහාරවලට ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර එල්ල කළහොත් ඊට වඩා විශාල ප්‍රතිචාරයක් දක්වන බවට ඉරානය අනතුරු අඟවා තිබෙනවා.

ඉරානය විසින් අද (14) දිනයේ මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති අතර, ඊශ්‍රායල භූමියට එල්ල වූ පෙර නොවූ විරූ ප්‍රහාරයට ප්‍රතිචාර නොදැක්විය යුතු බවයි පවසා ඇත්තේ.

ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මොහොමඩ් බගෙරි එරට රාජ්‍ය රූපවාහිනියට පැවසුවේ ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර දියත් කළහොත් ඉරානයේ ප්‍රතිචාරය එක රැයකින් සිදු වූ බෝම්බ ප්‍රහාරයට වඩා “බොහෝ විශාල” වනු ඇති බවයි.

මේ අතර ඊශ්‍රායල ප්‍රතිප්‍රහාරවලට පිටුබලය දීම එක්සත් ජනපද කඳවුරු ඉලක්ක කිරීමට තුඩු දෙනු ඇතැයි ඉරානය වොෂින්ටනයට ද අනතුරු ඇඟවා තිබෙනවා.

ටෙහෙරානයේ පෙර නොවූ විරූ ප්‍රහාරවලින් ආරක්ෂා වීමට ඊශ්‍රායලය විශිෂ්ට හැකියාවක් පෙන්නුම් කළ බව තමා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට පැවසූ බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබෙනවා.

මේ අතර ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අද (14) දිනයේ ජී 07 රටවල නායකයින්ගේ සාකච්ඡාවක් කැඳවන බව ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.

ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේ සිදුකළ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි අරමුණ වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36