ඇමරිකානු සොල්දාදුවන් නවාතැන් ගෙන සිටින හෝටල් මීළඟ ඉලක්කයයි – ඉරානයෙන් අනතුරු ඇඟවීම්

ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල් ප්‍රහාරවලින් සිසුන් සහ ගුරුවරුන් 250ක් මිය ගොස් ඇති බව ඉරානය පවසනවා.

ඉරාන අධ්‍යාපන අමාත්‍යාංශයේ මහජන සම්බන්ධතා මධ්‍යස්ථානයේ ප්‍රධානියාට අනුව, ඉරානයට එල්ල කරන ලද ඇමරිකා එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් අධ්‍යාපනික හා සංස්කෘතික පහසුකම් 723 කට ද හානි සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පෙබරවාරි 28 යුද්ධය ආරම්භ වූ දා සිට, ඉරානයේ මුළු මරණ සංඛ්‍යාව අවම වශයෙන් 1,937ක් බව ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය අලි ජෆාරියන් පවසනවා.

එමෙන්ම සයිබර් ආරක්ෂණ මුරකරුවෙකු වන NetBlocks පවසන්නේ, ඉරානයේ අන්තර්ජාල අවහිර වී මේ වනවිට දින 28ක් ගතව ඇති බවයි.

මේ අතර ඉරානය පවසන්නේ ඇමරිකානු හමුදා සත්කාරකත්වය දරන මැදපෙරදිග හෝටල් ඉදිරියේ දී තම ඉලක්ක වනු ඇති බවයි.

ඇමරිකානු සහ ඊශ්‍රායලය සමඟ යුද්ධයේදී කලාපය පුරා ඇමරිකානු සොල්දාදුවන් නවාතැන් ගෙන සිටින හෝටල් ඉලක්ක වනු ඇති බවට ඉරාන හමුදාව මෙලෙස අනතුරු අඟවා තිබෙනවා.

මේ අතර ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ (GCC) රටවල ජනතාව “මිනිස් පලිහක්” ලෙස භාවිතා කරන බවට ඇමරිකානු සොල්දාදුවන්ට චෝදනා කරනවා.

මෙම යුද්ධයේ ආරම්භයේ සිටම, ඇමරිකානු සොල්දාදුවන් හමුදා කඳවුරුවලින් පලාගොස් හෝටල් සහ කාර්යාලවල සැඟවී සිටිය බවයි අමාත්‍යවරයා පවසන්නේ.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩිල්කාගේ තාත්තා CID ඇවිත් කිව්ව සැර කතාව.. පුද්ගලික ජීවිතය අල්ලලා සුදත්ත අපහාස කළා..
09:10
Video thumbnail
ඩීසල්, පෙට්‍රල්, බොරතෙල් මැයි මාසේ මැද දක්වා තියෙනවා..අපිට ඉරානයත් සුබවාදි ප්‍රකාශයක් කළා
03:18
Video thumbnail
යතුරුපැදිකරු එළොව යැවූ බිබිල - මහියංගනය මාර්ගයේ බිහිසුණු රිය අනතුර..
01:15
Video thumbnail
ඉන්ධන බෙදාහැරීම් 50%ක ප්‍රමාණයක් අඩුවෙලා..තෙල් ඒකාධිකාරියක් ගොඩනැගිලා තියෙන්නේ
03:34
Video thumbnail
JNP එක සජිත්ට සැරටම දෙසයි..සජිත් බිංකුණ්ඩෙක් වගේ කෙනෙක්..පියාණෝ ගැන කියෙව්වට වැඩක් නෑ.
06:26
Video thumbnail
හවස 4 වෙනකල් එළියට බහින්න නම් එපා..උණුසුම තවත් ඉහළට
06:16
Video thumbnail
බිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් මිල මැයි මාසය තෙක් වැඩි කරන්නේ නැහැ..අපි ඇදගෙන යනවා..බය වෙන්න එපා
07:04
Video thumbnail
බිමල්ගේ හඬ පටයක් පෙන්නලා කාමන්ත කට උත්තර නැතිවෙන්න කියයි..ගල් අඟුරු දූෂණයට බිමල් අනුබල දුන්නා ?
03:39
Video thumbnail
අධික උණුසුම් කාලගුණික තත්ත්වය නිසා ජනතාව දැඩි පීඩාවට පත් වී ඇති අයුරු
00:26
Video thumbnail
මරික්කාර් හදිසියේම ලයිව් ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ.."හොරකම පිළිගන්න හුරතල් වෙන්නේ නැතුව"
06:23