ඇමරිකානු තානාපතිනි රනිල් සමඟ කටයුතු කිරිමට සුදානම් බව කියයි

නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කටයුතු කිරීමට අපේක්ෂාවෙන් පසුවන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.  සර්ව පාක්ෂික රජයක් පිහිටුවා ඒ ඔස්සේ අර්බුද විසඳා රට ස්ථාවර කිරීම පලමු කාර්ය කරගත යුතු බවයි ඇය සඳහන් කරන්නේ.