Empty Ad
AFC Banner
Empty Ad

ඇමරිකානු ඩොලරය ගැන ඇහෙන ඇඟ හීතල වෙන පුවත

කොළඹ පිටකොටුව ආදි ප්‍රදේශයන් හී මේ වන විට ඇමරිකානු එක්සත් ජනපද ඩොලරයක “කළු කඩ මිල” රුපියල් පන්සියය ඉක්මවා ඇති බව වාර්තා වනවා.බොහෝ “කළු කඩ වෙළඳුන්” පවා මැසිවිලි නගන්නේ එම අගයන් වලටත් විකිණීමට ඩොලර් සොයා ගැනීමට දැන් අපහසු වී ඇති බවයි.

මීට පෙර වෙළඳ නැව් වල කාර්යය මණ්ඩලය වල රැකියාවන් හී නියුතු වෙළඳ නාවිකයන් විසින් තමන්ගේ වැටුප් ලෙස ලැබෙන ඩොලර් තමන්ට ලැබුනද මේ වන විට බහුතරයක් නාවිකයන්ට වේතන ලැබෙන්නේ රුපියල් වලින් බවද ඔහු කියා සිටියා.ලංකාවේ තත්වයන් මත මෙසේ ඔවුන්ගේ වේතන ලැබෙන මුදල් ඒකක වෙනස් වීම නිසා තමන්ට මුදල් ලැබෙන මාර්ගයන් අඩපන වී ඇති බවද ඔවුන් කියා සිටියා.

අප විසින් කතා බහ කල බහුතරයක් වෙළඳුන්ගේ පොදු පිළිතුරක් වූයේ “කීයට වුණත් දෙන්න සල්ලි හොයා ගන්න අපහසු බවයි”.

කළු කඩ කතාව එසේ වුවත් රජයේ ලියා පදිංචි වාණිජ බැංකු වල විනිමය අනුපාත අනුව නම් ඩොලරයට හිමි විකුනුම් අඟය රුපියල් තුන්සිය තිහත් පනහත් අතර රැඳී තිබෙනවා.

image 60
image 61
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?