ඇමරිකානු ජනපතිගෙන් ඊශ්‍රායල අගමැතිට දැනුම්දීමක් – දෙදෙනා අතර දුරකථන සංවාදයක්

ඉරානයට එරෙහි ප්‍රහාරක මෙහෙයුම් සඳහා එක්සත් ජනපදය සහභාගී නොවන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළ බව එක්සත් ජනපද ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් CNN පුවත් සේවයට පවසා තිබෙනවා.

ඊශ්‍රායලයට එරෙහිව ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව ඇමරිකානු ජනාධිපතිවරයා සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අතර හුවමාරු කරගත් විනාඩි 25ක පමණ දුරකථන ඇමතුම අතරතුරදී ජෝ බයිඩන් මේ බව සඳහන් කළ බවයි වාර්තා වන්නේ.

ඊයේ (13) රාත්‍රිය ඊශ්‍රායලයේ ජයග්‍රහණයක් ලෙස සලකා බැලිය යුත්තේ ඉරානයේ ප්‍රහාර අසාර්ථක වී ඊශ්‍රායලයේ උසස් යුධ හැකියාව ප්‍රදර්ශනය වීමෙන් බවත් මෙහිදී බයිඩ ජනාධිපතිවරයා ඊශ්‍රායල අගමැතිවරයාට පවසා තිබෙනවා.

මේ අතර ඊශ්‍රායලය නැවත වරක් ඉරානයට පහර දුනහොත් කලාපීය යුද්ධයක් ඇති වී භයානක තත්ත්වයක් ඇති වේ යැයි ඇමරිකානු බලධාරීන් බියෙන් පසුවන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය පළමු වනදා ඩමස්කස් අගනුවර ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඩ්‍රෝන සහ මිසයිල 300කට වඩා වැඩි ප්‍රමාණයක් ඊයේ (13) ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
4
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?