ඇමරිකානු ජනපතිගෙන් ඊශ්‍රායල අගමැතිට දැනුම්දීමක් – දෙදෙනා අතර දුරකථන සංවාදයක්

ඉරානයට එරෙහි ප්‍රහාරක මෙහෙයුම් සඳහා එක්සත් ජනපදය සහභාගී නොවන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළ බව එක්සත් ජනපද ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් CNN පුවත් සේවයට පවසා තිබෙනවා.

ඊශ්‍රායලයට එරෙහිව ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව ඇමරිකානු ජනාධිපතිවරයා සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අතර හුවමාරු කරගත් විනාඩි 25ක පමණ දුරකථන ඇමතුම අතරතුරදී ජෝ බයිඩන් මේ බව සඳහන් කළ බවයි වාර්තා වන්නේ.

ඊයේ (13) රාත්‍රිය ඊශ්‍රායලයේ ජයග්‍රහණයක් ලෙස සලකා බැලිය යුත්තේ ඉරානයේ ප්‍රහාර අසාර්ථක වී ඊශ්‍රායලයේ උසස් යුධ හැකියාව ප්‍රදර්ශනය වීමෙන් බවත් මෙහිදී බයිඩ ජනාධිපතිවරයා ඊශ්‍රායල අගමැතිවරයාට පවසා තිබෙනවා.

මේ අතර ඊශ්‍රායලය නැවත වරක් ඉරානයට පහර දුනහොත් කලාපීය යුද්ධයක් ඇති වී භයානක තත්ත්වයක් ඇති වේ යැයි ඇමරිකානු බලධාරීන් බියෙන් පසුවන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය පළමු වනදා ඩමස්කස් අගනුවර ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඩ්‍රෝන සහ මිසයිල 300කට වඩා වැඩි ප්‍රමාණයක් ඊයේ (13) ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36