ඇමරිකානු ගුවන් යානයක හදිසි ගින්නක්

ඇමරිකානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඩෙන්වර් ගුවන් තොටුපළේ දී හදිසි ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

ගින්න ඇති වූ අවස්ථාවේ දී යානයේ සිටි මගීන් 173 දෙනා ආරක්ෂිතව පිටතට ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

ගොඩබෑම් ගියරයේ දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වන්නේ.

බෝයිං 737 MAX 8 ගුවන් යානයක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති අතර, යානය මියාමි බලා පිටත්වීමට නියමිතව තිබිය දී මෙම ගින්න හටගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?