ඇමති හරින් ගැන නීතිපතිගෙන් අධිකරණයට දැනුම් දීමක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනුනු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට එරෙහි විමර්ශන කටයුතු අවසන් කරන ලෙස පොලිසිය වෙත උපදෙස් නිකුත් කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හරින් ප්‍රනාන්දු මහතා විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණා.

එම පෙත්සම අද කැඳවූ ලැබූ අවස්ථාවේදීයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙම දැනුම් දීම සිදු කළේ.

පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකළ විමර්ශන ගොනු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව පෙත්සම්කාර හරින් ප්‍රනාන්දු මහතාට අදාල විමර්ශන කටයුතු අවසන් කරන ලෙස නීතිපතිවරයා විසින් ඉකුත් ජුනි මස 20 වනදා උපදෙස් ලබා දුන් බවයි.

මෙම පෙත්සම අද බුවනෙක අලුවිහාරේ, ප්‍රීති පද්මන් සූරසේන සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

නමුත් මෙම පෙත්සම ඉදිරියටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න තීරණය කිරීම සඳහා එය ලබන 18 වනදා ජනක් ද සිල්වා මහතා සාමාජිකත්වය නොදරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවීමට ද අධිකරණය තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34