AFC Banner
Empty Ad
Empty Ad

ඇමති වාසු නිල නිවාසය හා වාහන භාර දෙයි

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර තම රාජකාරී වාහන සහ නිල නිවාස සියල්ලම අද දිනයේ ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ආචාර්ය ඉංජිනේරු ප්‍රියත් බී. වික්‍රමට භාර දෙනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් විමසු අවස්ථාවේදී ඔහු සදහන් කළේ එය නිවැරදි බවත්, තම පවුලේ සහෝදරයකුගෙන් ලබා ගන්නා පෞද්ගලික කුඩා රථයක් ඉදිරියට භාවිතා කරන බවයි.

තමන් අමාත්‍ය මණ්ඩලයේ රැස්වීම් වර්ජනය කිරීමත් අමාත්‍යංශයේ රාජකාරී වලින් ඉවත්වීමත් නිසා තව දුරටත් වාහන සහ අනෙකුත් අමාත්‍යංශයේ පහසුකම් ලබා ගැනීම සදාචාර නොවන බැවින් මෙම තීරණයට එලැඹි බව වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා වැඩිදුරටත් දැනුම් දී සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?