ඇමති බංගලා 24ක හෝටල් සහ ඉහළ පෙළේ අවන්හල් දාන්න සූදානමක්

අමාත්‍යවරුන් නිල නිවාස ලෙස භාවිත කරන ලද බංගලා නිවාස හා අදාළ පරිශ්‍රයන් මෙන්ම රජය සතු ඌන උපයෝජනයක් සහිත නිවාස හා පරිශ්‍ර ආර්ථිකමය වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීම සඳහා යෝග්‍ය ක්‍රමවේදයක් හඳුනා ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස නිලධාරි කමිටුවක් පත් කිරීමට 2024-12-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබුවා.

එම නිලධාරි කමිටුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව මඟින් තානාපති කාර්යාල, ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍ය තාන්ත්‍රික භාවිතයන්, රජයේ හා රජයට අනුබද්ධිතආයතන මෙන්ම High-end Restaurant/Boutique Hotel සහ වඩාත් ඵලදායී ආයෝජන ව්‍යාපෘති සඳහා එකී බංගලා නිවාස උපයෝජනය කිරීම නිර්දේශ කරනු ලැබ තිබෙනවා.

ඒ අනුව මූලිකව හඳුනාගනු ලැබ ඇති බංගලා නිවාස 24ක්, එම බංගලා නිවාස පිහිටා ඇති ස්ථාන අනුව සමාජීය වශයෙන් ගැටලුවක් නොවන ආකාරයට, රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව ආකෘතිය යටතේ ඵලදායී උපයෝජනයන් ක්‍රියාත්මක කිරීම පිණිස වසර 30 ක කාලයක් සඳහා බදු පදනමින් ලබා දීමට සැලසුම් කර ඇති බව සඳහන්.

ඒ සඳහා යෝග්‍ය ආයෝජකයින් හඳුනා ගැනීමට හැකි වන පරිදි උනන්දුවක් දක්වන ආයෝජකයින් වෙතින් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව සිංහ හමක් පොරවගත්ත බැටළුවෝ වුණා..මුන් ටික ඔක්කෝටම වැඩිය හපන්
05:59
Video thumbnail
අකුරැස්සේ OIC පාසල් දරුවන්ට කියලා දුන්න පාඩම.."අම්මා දෙයක් කරන්න එපා කිව්වොත් කරන්න එපා දරුවනේ"
05:14
Video thumbnail
බස් නැවතුම්පොළේ වැටුණ දුරකථනය තරුණයාටම ලබාදුන් පොලිස් නිලධාරින්..තරුණයාගේ මුහුණේ තියෙන ඒ සතුට
01:17
Video thumbnail
බැස්ටියන් මාවතේ සිට ගාල්ල දක්වා අලුතෙන් බස්රථ සේවාවක්.."ඇත්තටම මේක පහසුයි..කරපු අයට ස්තූතියි"
04:36
Video thumbnail
බස් එකේ කෑලි හැලෙනවා - කුඩේ කුඩුවෙලා..ටිපර් රථයක් බස් රථයක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:27
Video thumbnail
සජබයේ සභාපති ධුරය සඳහා කබීර් හෂීම් පත් කරයි..සෙට් එක හිනාවෙවී ඉන්න හැටි
00:38
Video thumbnail
"බලන්නකෝ කොච්චර අපිරිසිදුද.."දේශපාලන බලයෙන් පවත්වාගෙන ගිය රිකිල්ලගස්කඩ තානායමට මුද්‍රා තබයි
08:25
Video thumbnail
තලවකැලේ තේ පර්යේෂණ ආයතනයට රු.මිලියන 56ක් වටිනා ජංගම පාංශු සහ ශාක විද්‍යාගාරයක්
04:12
Video thumbnail
සුපිරි වෙළඳසැල්වල විකිණීමට තිබූ කෝටි 2කට අධික වටිනා විදේශ මත්පැන් තොගයක් වටලයි
04:31
Video thumbnail
අවුරුද්දට නිවෙස් බලා යන ජනතාව කිව්ව දේ
00:53