ඇමති නිවසකින් බෝම්බයක්..? – ඔත්තුව දුන් දෙදෙනෙකු අත්අඩංගුවට

මහනුවර ප්‍රදේශයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ නිවසේ බෝම්බයක් ඇතැයි පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකථනයෙන් ව්‍යාජ තොරතුරු ලබා දීමේ සිදුවීමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන්ගේ දුරකථන දත්ත පරීක්ෂා කරමින් පසුව මහනුවර පොලිස් මූලස්ථාන විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරගෙන යන බවද ඔවුන් වයස අවුරුදු 35- 32 වයස්වල පසුවන්නන් බව ද පොලිසිය කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?