AFC Banner
Empty Ad
Empty Ad

ඇමති අරුන්දිකගේ ආරක්ෂක නිලධාරියෙකුට කොවිඩ්

රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ආරක්ෂක අංශයේ සේවය නියුතුව සිටි ආණමඩුව තළාකොලවැව පදිංචි පොලිස් සැරයන්වරයකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇත.

රාජ්‍ය ඇමතිවරයාට කොවිඩ් ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමත් සමඟ මෙම නිලධාරීයා ඔහුගේ නිවසේ නිරෝධනය සඳහා යොමු කර තිබේ.එහිදී සිදු කළ ජෛව පටල පරික්ෂණයකින් පසු මොහු ආසාදිත බවට සනාථ වි ඇති වාර්තා වේ.

අදාල ආසාදිත පොලිස් සැරයන්වරයා කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමට කටයුතු කරන බව සෞඛ්‍ය අංශ පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?