AFC Banner
Empty Ad
Empty Ad

ඇඟලුම් කර්මාන්තයක ආහාර විෂ වීමක් – සේවක සේවිකාවන් රැසකට අසාධ්‍යයි (වීඩියෝ)

පොළොන්නරුව, බකමූණ ප්‍රදේශයේ ප්‍රධාන පෞද්ගලික ඇඟලුම් කර්මාන්තයක ආහාර විෂ වීමකින් අසාධ්‍ය වූ එහි සේවක සේවිකාවන් පන්සියයකට ආසන්න පිරිසක් අද (19) පෙරවරුවේ බකමූණ සහ අත්තනකඩවල ග්‍රාමීය රෝහල්වලට ඇතුළත් කර ඇති බව බකමූණ පොලිසිය පවසනවා.

අසාධ්‍ය වූ සේවක සේවිකාවන් එම ඇඟලුම් කර්මාන්තයේ බස් රථවලින් හා ගිලන් රථ මගින් බකමූණ ප්‍රාදේශීය රෝහලටත්, අත්තනකඩවල ග්‍රාමීය රෝහලටත් ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

බකමූණ ප්‍රාදේශීය රෝහලේ ඉඩකඩ මදි හෙයින් තවත් පිරිසක් බස් රථවලින් හා ගිලන් රථ මගින් අත්තනකඩවල රෝහලට රැගෙන යාමට කටයුතු කළ ඇති බවද පොලිසිය සඳහන් කරනවා.

අත්තනකඩවල සහ බකමූණ රෝහලට ඇතුළත් කළ ඇගලුම් කර්මාන්ත සේවක, සේවිකාවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් ඔවුන් ප්‍රතිකාර ගනිමින් සිටින බවත් බකමූණ හා අත්තනකඩවල රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

ඊයේ (18) සවස් වන විට මෙම රෝගී තත්ත්වය කිහිප දෙනෙකුට හටගෙන ඇති අතර අද (19) දින සේවක සේවිකාවන් සේවය සඳහා ඇඟලුම් කර්මාන්තයට පැමිණෙමින් අනතුරුව රෝගී තත්වය උත්සන්න වීමත් සමග ඔවුන් රෝහල් ගතකර තිබෙනවා.

එම ඇගලුම් කර්මාන්තයේ සේවක, සේවිකාවන් 700ක් පමණ සේවය කරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම ඇඟලුම් කර්මාන්තයේ සේවය නියුතු පිරිසක් ඊයේ (18) දින පැවැති උපන් දින සාදයක දී ලබාගත් ආහාරයක් විෂ වීම හේතුවෙන් මෙම බඩේ අජීරණය සහ බඩේ කැක්කුම ඇති වී තිබෙන බවට තොරතුරු ලැබී ඇති බව බකමුණ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් බොලුකඳුර සඳහන් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ බකමූණ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක උපුල් බොලුකදුර ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් විසින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
1
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?