ඇගලුම් සේවිකාවන් ප්‍රවාහනයට රියදුරන් දෙදෙනෙක් පැටලෙයි

පුද්ගලික ඇගලුම් කම්හලක සේවිකාවන් ප්‍රවාහනය කරනු ලබන බස් රථයක් පැහැර ගෙන යාමේ සිද්ධියක් ඊයේ (25) රාත්‍රියේ ගාල්ල, පිලාන ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඇගලුම් සේවිකාවන් ප්‍රවාහනය කිරීම සම්බන්ධව බස් රථ හිමිකරුවන් දෙදෙනෙක් අතර ඇති වූ ආරවුලක් දුර දිග යාම නිසා මෙම බස් රථය පැහැර ගැනීමට ලක්ව තිබෙනවා.

බස් රථය පැහැර ගැනීමේ සිද්ධියට පෙර, පැහැර ගැනීමට ලක්වූ බස් රථයේ හිමිකරුවට බස් රථය පැහැර ගත් පුද්ගලයා විසින් පහර දී ඇති අතර පහර කෑමට ලක්වූ බස් රථ හිමිකරු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මෙලෙස රෝහල් ගතව සිටින අතරතුර ඔහුගේ නිවසට පැමිණ බස් රථය පැහැර ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම බස් රථය සහ පැහැර ගැනීම සිදු කළ සැකකරු හබරාදූව, මීපේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අක්මීමන පොලිසිය පවසනවා.

සිද්ධියට අදාළව තවත් සැකකරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනිමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?