ආහාර සුරක්ෂිතතා වැඩසටහන සාර්ථක කරගැනීමට පක්ෂ පාට බේදයකින් තොරව එක්විය යුතුයි

කුසගින්නට පක්ෂ, පාට බේදයක් නොමැති බවත්, ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර හිඟයට රටක් ලෙස ශක්තිමත්ව මුහුණදීම සඳහා ආහාර සුරක්ෂිතතා වැඩසටහන සාර්ථක කරගැනීමට සියලුදෙනා එක්විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම සඳහා වන ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබලගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණයේ බදුල්ල දිස්ත්‍රීක් වැඩසටහනට අද (15) පෙරවරුවේ එක්වෙමිනි.

ආහාර සුරක්ෂිතා වැඩසටහන අපි ආරම්භ කළේ රටේ පොහොර සහ ඉන්ධන හිඟයක් මතුව තිබූ අවස්ථාවක වගේම කිසිදු රටක් අපට ණය ලබා නොදෙන අවස්ථාවක බව ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?