ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගෙන එනවා

ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන බවත් ඒ සඳහා ඉදිරියේ දී නව නීති හඳුන්වාදීමට ද බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ ඒකාබද්ධ යාන්ත්‍රණ කමිටු නියෝජිතයන් දැනුවත් කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අද (13) පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

ආහාර සුරක්ෂිතතාව සහ ජනතාවගේ පෝෂණ තත්ත්වය තහවුරු කිරීමේ දී නිවැරදි දත්ත ලබා ගැනීමේ අවශ්‍යතාවය පැහැදිලි කළ ජනාධිපතිවරයා ජාතික මටිටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් තිබෙන දත්තවල විශාල වෙනස්කම් දක්නට ඇති බවත්, ඒවා කඩිනමින් නිවැරදි කරගත යුතු බවත් අවධාරණය කළේය.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ජාතික මට්ටමේ සිට ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරි දක්වා සියලුදෙනාගේ දායකත්වය අවශ්‍ය බව අවධාරණය කළ ජනාධිපතිවරයා මෙහිදී රාජ්‍ය අංශයට පමණක් නොව පෞද්ගලික අංශයට ද විශාල කාර්යභාරයක් පැවරී ඇති බව පෙන්වා දුන්නේය.

මෙරට කෘෂිකර්මාන්තය නඟාසිටුවීම සඳහා දිගුකාලීන වැඩපිළිවෙළක් අවශ්‍ය බවත්, කෘෂි නවීකරණ වැඩසටහන පිළිබඳ මේ වන විටත් රජය අවධානය යොමු කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

image 26
image 27
image 28
image 29
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?