කර්මාන්ත ක්ෂේත්රය සදහා අවශ්ය සිමෙන්ති,යකඩ ඇතුළු අමුද්රව්ය මිල සම්බන්ධයෙන් පවත්නා ගැටළුව විසදීමට ඉදිරි සතිය තුළදී අවශ්ය පියවර ගන්නා බව අමාත්ය නලින් ප්රනාන්දු පැවසීය.
දැරිය හැකි මිලකට පාරිභෝගිකයාට භාණ්ඩ ලබා දීම ඉතා වැදගත් බවත්,රට තුළ නිෂ්පාදනය ඉහළ නංවා ස්වයංපෝෂිත තත්ත්වයක් ඇති කිරීම ඔස්සේ ආහාර මිල පහළ හෙලීමට කටයුතු කළ යුතු බවත් අමාත්යවයරා සඳහන් කළා.අතිතයේ පටන් මෙරට සෑම වසර දෙක තුනකට වරක් සහල් හිඟයක් ඇති වන බවත්,ආහාර සංචිතයක් පවත්වා ගනිමින් ඊට ස්ථිරසාර විසඳුමක් ලබා දිය යුතු බවත් අමාත්යවරයා අවධාරණය කළා.
