ආසියාවේ කළු වෙළඹ කැන්ගරු දේශයට පනියි

ආසියාතිකකරයට මෙන් ම ශ්‍රී ලංකාවට අදටත් අමරණීය මතකයක් මලල ක්‍රීඩාවෙන් තැබුවේ නම්; ඒ අවිවාදයෙන් ම කෙටි දුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ දිනූ ඔලිම්පික් පදක්කමයි.

ඇය 2000 වර්ෂයේ දී ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර දී පැවති ඔලිම්පික් තරගාවලියේ දී කෙටි දුර ධාවන තරගයෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.

ඇය මීට මාස දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාව අතහැර ස්ථිර පදිංචිය සඳහා ඔස්ට්‍රෙලියාව වෙත පවුල සමගින් ම සංක්‍රමණය වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙරට මලල ක්‍රීඩාවේ සිටි පුහුණු උපදේශිකාවක් ලෙසට ද කටයුතු කළ සුසන්තිකා ජයසිංහ මහත්මිය සිය දරුවන් දෙදෙනාගේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් රට අතහැර යාමට තීරණය කළ බවත් වාර්තා වනවා.

ඇයට ඔස්ට්‍රෙලියාවේ පුරවැසිභාවය හිමි ව ඇති අතර ඇය මේ වනවිට පදිංචි ව සිටින්නේ මෙල්බර්න් නුවරයි.

සුසන්තිකා ජයසිංහ ක්‍රීඩිකාවගේ සමකාලීන ක්‍රීඩිකා, ආසියානු පදක්කම්ලාභිනී සහ ඔලිම්පික් ක්‍රීඩිකා දමයන්ති දර්ශා ද වසර කිහිපයකට පෙර තම පවුල සමඟ ඔස්ට්‍රෙලියාවට සංක්‍රමණය වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
0
+1
1
+1
6
+1
3
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05
Video thumbnail
ලාල්කාන්ත ගෙදර නිසා විජිත අපහසුතාවයට පත්වෙයි.."පරම්පරාවේ, බිරිඳගේ ඉඩම් විකුණලා ගෙදර හැදුවේ"
01:59
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
එක මිටට, දර ළිපට, පොල් කටුවට..ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11