2025 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන අවසන් පූර්ව තරගයෙන් තියුණු පරාජයක් ශ්‍රී ලංකාවට හිමි වුණා.
අවසන් පූර්ව තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූ ප්‍රබල ජපානය ලකුණු 12 – 15ක් ලෙස මෙම තරගය ජයගත්තා.
මෙම පරාජයත් සමඟ 2025 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් තරගයට සුදුකම් ලබන්නට ශ්‍රී ලංකාව හැකියාව ලැබුනේ නැහැ.
මේ අතර මෙම තරගාවලියේ අනෙක් අවසන් පූර්ව තරගය චීනය සහ හොංකොං කණ්ඩායම අතර පැවැත් වුණා.
එම තරගය ලකුණු 29 -12ක් ලෙස ජයගන්නට චීනය පරාජය කළ හොංකොං කණ්ඩායමට හැකියාව ලැබුණා.
ඒ, අනුව 2025 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ මහා තරගයට ජපානය සහ හොංකොං කණ්ඩායම සුදුකම් ලබා සිටිනවා.
මෙම තරගාවලියේ තෙවන ස්ථානය වෙනුවෙන් ශ්‍රී ලංකාව් සහ චීනය අද පස්වරුවේ තරග වැදීමට නියමිතයි.





