Empty Ad
AFC Banner
Empty Ad

ආසියානු ලෙජන්ඩ්ස් පිටියේ තිසරගෙන් හයේ වැස්සක් – අවසන් පන්දුවාරයට හයේ හයක් (වීඩියෝ)

ආසියානු ලෙජන්ඩ්ස් 20-20 තරගාවලියේ ඇෆ්ගනිස්ථාන් පතාන්ස් කණ්ඩායම සමඟ පැවති තරගය ජය ගන්නට ශ්‍රී ලංකන් ලයන්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඊයේ (15) පැවති මෙම තරගය ශ්‍රී ලංකාව ජයගත්තේ ඇෆ්ගනිස්ථාන් පතාන්ස් කණ්ඩායම ලකුණු 26කින් පරාජය කරමින්.

මෙම තරගයේ පළමු පන්දුවට පහර දුන් ශ්‍රී ලංකන් ලයන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 0-3කට ලකුණු 230ක දැවැන්ත ලකුණු පුවරුවන් නිර්මාණය කළා.

එහිදී ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ නායක තිසර පෙරේරා පන්දු 36ක් තුළ නොදැවී ලකුණු 108ක් රැස් කළා.

ඔහුගේ මෙම සුපිරි ඉනිමට හයේ පහර හයේ පහර 13ක් ඇතුළත් වූ අතර, ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක අයියන් ඛාන්ට යැවූ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාරයට හයේ පහර හයක් එල්ල කරන්නට තිසර පෙරේරාට හැකියාව ලැබුණා.

ලකුණු 231ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථාන් පතාන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී රැස්කළේ ලකුණු 204ක් පමණයි.

ඒ, අනුව මෙම තරග ලකුණු 26කින් ජයගන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34
Video thumbnail
මාවයි - නෝනයි පිටිපස්සෙන් ඇවිත් හැ#පුවා - නඩු කාරයෙක්ලු - වැදගත් කෙනෙක් නිසා යන්නත් දෙන්නලු
05:16
Video thumbnail
ප්‍රබලයෝ හදිසියේම එක තැනකට රැස්වෙයි - චාමර සම්පත් දෙනවා දීමක් ඇප නැති වෙන්න
05:02
Video thumbnail
කොට්ටහච්චිට අපහාස කළා කියලා උසාවියට ගියපු රවින්ද්‍ර රම්මුනි ප්‍රාදේශීය සබාවට
03:57
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රමිතියකට තමයි සංගණනය කළේ මාලිමාවේ මන්ත්‍රිනී තුෂාරා කියයි
04:35
Video thumbnail
සංචාරක නියෝජ්‍ය ඇමති හිර ගෙදරට
13:35
Video thumbnail
මේක අහන්නම ඕන මාධ්‍ය හමුවක් - විනීත රියදුරන්ට වෙන්න යන දේ මෙන්න
05:23
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
05:38:04
Video thumbnail
චාමර සම්පත් තවත් අඩව්වක් අල්ලයි
06:21
Video thumbnail
මනෝජ් ගමගේ මාධ්‍ය හමුවේ සැර වෙයි - මතක තියාගන්න මම මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක
18:03

?