ආසියානු ලෙජන්ඩ්ස් පිටියේ තිසරගෙන් හයේ වැස්සක් – අවසන් පන්දුවාරයට හයේ හයක් (වීඩියෝ)

ආසියානු ලෙජන්ඩ්ස් 20-20 තරගාවලියේ ඇෆ්ගනිස්ථාන් පතාන්ස් කණ්ඩායම සමඟ පැවති තරගය ජයගන්නට ශ්‍රී ලංකන් ලයන්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඊයේ (15) පැවති මෙම තරගය ශ්‍රී ලංකාව ජයගත්තේ ඇෆ්ගනිස්ථාන් පතාන්ස් කණ්ඩායම ලකුණු 26කින් පරාජය කරමින්.

මෙම තරගයේ පළමු පන්දුවට පහර දුන් ශ්‍රී ලංකන් ලයන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03කට ලකුණු 230ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ නායක තිසර පෙරේරා පන්දු 36ක් තුළ නොදැවී ලකුණු 108ක් රැස් කළා.

ඔහුගේ මෙම සුපිරි ඉනිමට හයේ පහර හයේ පහර 13ක් ඇතුළත් වූ අතර, ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක අයියන් ඛාන්ට යැවූ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාරයට හයේ පහර හයක් එල්ල කරන්නට තිසර පෙරේරාට හැකියාව ලැබුණා.

අනතුරුව ලකුණු 231ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථාන් පතාන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී රැස්කළේ ලකුණු 204ක් පමණයි.

ඒ, අනුව මෙම තරග ලකුණු 26කින් ජයගන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56