spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආසියානු කුසලානය ගැන තීරණයක් ගන්න හදිසි රැස්වීමක් බහරේන්හිදී

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) හදිසි රැස්වීමක් බහරේන්හිදී අද පැවැත්වෙනවා.

2023 ආසියානු කුසලානයේ සත්කාරකත්වය දරන පකිස්ථානය තරගාවලිය සිය රටේදීම පවත්වන්නේ ද යන්න තීරණය කිරීම සඳහා පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ (PCB) ප්‍රධානී Najam Sethi විසින් මෙම රැස්වීම කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි 2023 ආසියානු කුසලානය පැවැත්වෙන රට තීරණය කිරීම මෙම රැස්වීමේ ප්‍රධාන න්‍යාය පත්‍රය වන අතර බොහෝ දුරට එය පකිස්ථානයට වඩා වෙනත් රටක පැවැත්වීමට නියමිත බවට වාර්තා පළ වනවා.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා මීට පෙර ප්‍රකාශ කළේ 2023 ආසියානු කුසලානය පකිස්ථානයේ නොපවත්වන බවත් එය අනෙක් සියලු රටවල්වලට සාධාරණයක් වන පරිදි මධ්‍යස්ථ ස්ථානයක පැවැත්වෙන බවයි.

තරගාවලිය පාකිස්තානයේ නොපැවැත්වුවහොත්, සත්කාරක අයිතිය පාකිස්තානය රඳවාගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හෝ ශ්‍රී ලංකාවවේ තරඟාවලිය පැවැත්විය හැකියි.

පසුගිය වසරේ ආසියානු කුසලානය පැවැත්වුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීයි.

ඉන්දියාව සහ පකිස්ථානය අතර පවතින දේශපාලන ආතතීන් මධ්‍යයේ මෙම තරඟාවලිය මධ්‍යස්ථ ස්ථානයක් ලෙස පැවැත්වීමට කටාර් රාජ්‍යය ද උනන්දුවක් දක්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?