ආසියානු කුසලානය ගැන තීරණයක් ගන්න හදිසි රැස්වීමක් බහරේන්හිදී

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) හදිසි රැස්වීමක් බහරේන්හිදී අද පැවැත්වෙනවා.

2023 ආසියානු කුසලානයේ සත්කාරකත්වය දරන පකිස්ථානය තරගාවලිය සිය රටේදීම පවත්වන්නේ ද යන්න තීරණය කිරීම සඳහා පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ (PCB) ප්‍රධානී Najam Sethi විසින් මෙම රැස්වීම කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි 2023 ආසියානු කුසලානය පැවැත්වෙන රට තීරණය කිරීම මෙම රැස්වීමේ ප්‍රධාන න්‍යාය පත්‍රය වන අතර බොහෝ දුරට එය පකිස්ථානයට වඩා වෙනත් රටක පැවැත්වීමට නියමිත බවට වාර්තා පළ වනවා.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා මීට පෙර ප්‍රකාශ කළේ 2023 ආසියානු කුසලානය පකිස්ථානයේ නොපවත්වන බවත් එය අනෙක් සියලු රටවල්වලට සාධාරණයක් වන පරිදි මධ්‍යස්ථ ස්ථානයක පැවැත්වෙන බවයි.

තරගාවලිය පාකිස්තානයේ නොපැවැත්වුවහොත්, සත්කාරක අයිතිය පාකිස්තානය රඳවාගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හෝ ශ්‍රී ලංකාවවේ තරඟාවලිය පැවැත්විය හැකියි.

පසුගිය වසරේ ආසියානු කුසලානය පැවැත්වුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීයි.

ඉන්දියාව සහ පකිස්ථානය අතර පවතින දේශපාලන ආතතීන් මධ්‍යයේ මෙම තරඟාවලිය මධ්‍යස්ථ ස්ථානයක් ලෙස පැවැත්වීමට කටාර් රාජ්‍යය ද උනන්දුවක් දක්වා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14