2025 ආසියානු කුසලානය ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන විනිසුරු මඩුල්ල සහ තරග තීරකවරුන් මේ මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.
මෙවර ආසියානු කුසලානය තරගාවලියේ විනිසුරුවරුන් ලෙස ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ද එක්වනවා.
එමෙන්ම ඉන්දියානු විනිසුරුවරුන් දෙදෙනෙක්, පාකිස්ථාන විනිසුරුවරුන් දෙදෙනෙක් සහ බංග්ලාදේශ ජාතික විනිසුරුවරුන් දෙදෙනෙක් ද නම්කර තිබෙනවා.
ඊට අමතරව එක් ඇෆ්ගනිස්තාන ජාතික විනිසුරුවරුන් දෙදෙනෙක් ද මෙවර තරගාවලිය සඳහා නම් කිරීමටයි ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ.
මේ අතර තරග තීරකවරුන් ලෙස රිචී රිචඩ්සන් සහ ඇන්ඩි පයික්‍රොෆ්ට් නම්කර තිබෙනවා.
2025 ආසියානු කුසලානය ක්‍රිකට් තරගාවලිය සඳහා නම්කළ විනිසුරුවරුන්,
රවීන්ද්‍ර විමලසිරි – ශ්‍රී ලංකාව
රුචිර පල්ලියගුරුගේ – ශ්‍රී ලංකාව
රොහාන් පණ්ඩිත් – ඉන්දියාව
විරේන්ද්‍ර ෂර්මා – ඉන්දියාව
අසීෆ් යාකූබ් – පකිස්ථානය
ෆයිසාල් අෆ්රිඩි – පකිස්ථානය
ගාසි සොහෙල් – බංග්ලාදේශය
මසුදුර් රහමන් – බංග්ලාදේශය
ඉසාතුල්ලා සාෆි – ඇෆ්ගනිස්තානය
අහමඩ් පක්ටීන් – ඇෆ්ගනිස්තානය





