අයගම, පිඹුර ප්‍රදේශයේ නිවසකින් යතුරුපැදියක් සොරාගත් බාලවයස්කාර සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට අයගම පොලීසියට හැකි වී තිබෙනවා.
ඊයේ (17) දිනයේ පොලිසිය වෙත ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන සිදුකර යතුරුපැදිය සමග බාලවයස්කාර සැකකරු එම ප්‍රදේශයේ ප්‍රජා ශාලාවක දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
යතුරුපැදිය පිළිබදව ඇතිවූ ආසාව නිසා මෙම සොරකම සිදුකළ බවට පොලිසිය විසින් ප්‍රශ්න කිරිමේදි සැකකරු පවසා ඇති බවයි වාර්තාවන්නේ.
සැකකාර බාලවයස්කරු එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු පහළොවක් වන පාසලේ දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබන අයෙක් බවට අනාවරණය වී තිබෙනවා.
නිවසේ පිටුපස තිබූ යතුරුපැදිය සොරකම්කර ප්‍රදේශයේ පිහිටි කෑලෑබද ප්‍රජා ශාලාවක ඇතුළත සගවා ඇති අතර එම ප්‍රජා ශාලාවේ විවිධ අපචාර ක්‍රියා සිදු වන බවට ද පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් අයගම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.





