spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආර්ථික අර්බුදය ගැන හොයන්න විපක්ෂයෙන් කමිටුවක්

රටේ ආර්ථික අර්බුදයට හේතු සොයා බලා එයට වගකිවයුත්තන් හඳුනා ගැනීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තීරණය කර තිබෙනවා.

ඒ විපක්ෂ සාමූහිකයේ විධායක කමිටුවේ තීරණය මතයි.

ලිපියක් යොමු කරමින් විපක්‍ෂ නායකවරයා සඳහන් කළේ මෙම කමිටුව ආර්ථික විනාශයට වගකිව යුතු සියලු පාර්ශවයන් පිළිබඳව විධිමත් ලෙස විමර්ශනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පියවර ගනු ඇති බවයි.

ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මෙම කමිටුවේ ක්‍රියාකාරීත්වය සඳහා සද්භාවයෙන් දායක වී සහයෝගය දැක්විය හැකි අතර ඒ සඳහා අවශ්‍ය සෑම පාර්ශ්වයකින්ම තොරතුරු රැස් කිරීමට මෙම කමිටුව කටයුතු කරනු ඇතැයි ද අදාළ ලිපියේ සඳහන්.

එසේම තොරතුරු ලබාදීමට කැමති ඕනෑම අයෙකුට ඒ සඳහා පහසුකම් සැලසීමට කටයුතු සම්පාදනය කරන බව සජිත් ප්‍රේමදාස සිය නිවේදනය මගින් ප්‍රකාශ කර තිබෙනවා.

Sajith Letter1
Sajith Letter2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?