ආරක්ෂක ලේකම් සිය අමාත්‍යාංශයේ ඇති ප්‍රමුඛතාව ගැන හෙළි කරයි (ඡායාරූප)

ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රමුඛතාව හුදෙක් ආපදාවලට ප්‍රතිචාර දැක්වීමෙන් ඔබ්බට ගොස් සැබෑ ඔරොත්තු දීමේ හැකියාව පෝෂණය කිරීම බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා පවසනවා.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; ඊයේ (04) කොළඹ, ගාලු මුවදොර හෝටලයේ පැවති ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද ජාතික සම්මන්ත්‍රණය – 2024 හි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් කළ කතාවේ දීයි.

ආපදා කළමනාකරණය සඳහා ජාතික මට්ටමේ සිට ප්‍රාදේශීය මට්ටම් දක්වා වූ පුළුල් මෙන්ම, මනාව සම්බන්ධීකරණය වූ ප්‍රතිචාරයක් අවශ්‍ය බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කළා.

නව ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ වත්මන් රජයේ හුදෙක් අපේක්ෂාව වන්නේ පෙර සූදානමක් සහිතව ආපදා සඳහා ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම බවත් සම්පත් තුයියකොන්තා මහතා ප්‍රකාශ කළා.

පශ්චාත් ආපදා තත්ත්වයන් හි දි තම අතිශය තීරණාත්මක භූමිකාව තුළ ක්‍රියාත්මක වෙමින් තමන් වෙත පැවරෙන කාර්යභාරය සිදු කරනු ලබන අතර ම දරිද්‍රතාව අවම කිරීම සහ ප්‍රජා සවිබල ගැන්වීම අවධාරණය කරමින් ජනතාවට ආපදා හමුවේ මෙන් ම, ඉන් පසුව ද ඒ සඳහා ශක්තිමත්ව මුහුණදීමට ඇති හැකියාව ඉහළ නැංවීමට කටයුතු කරනු ලබන බවයි ආරක්ෂක ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.

‘Reflections on Two Decades from Tragedy to Resilience: Retrospect of the 2004 Indian Ocean Tsunami’ යන තේමාව යටතේ මෙම සම්මන්ත්‍රණය පැවැත්වුණා.

WhatsApp Image 2024 11 05 at 13.24.25 1
WhatsApp Image 2024 11 05 at 13.24.25
WhatsApp Image 2024 11 05 at 13.24.24 1
WhatsApp Image 2024 11 05 at 13.24.24
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?