ආරක්ෂක ලේකම් සිය අමාත්‍යාංශයේ ඇති ප්‍රමුඛතාව ගැන හෙළි කරයි (ඡායාරූප)

ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රමුඛතාව හුදෙක් ආපදාවලට ප්‍රතිචාර දැක්වීමෙන් ඔබ්බට ගොස් සැබෑ ඔරොත්තු දීමේ හැකියාව පෝෂණය කිරීම බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා පවසනවා.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; ඊයේ (04) කොළඹ, ගාලු මුවදොර හෝටලයේ පැවති ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද ජාතික සම්මන්ත්‍රණය – 2024 හි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් කළ කතාවේ දීයි.

ආපදා කළමනාකරණය සඳහා ජාතික මට්ටමේ සිට ප්‍රාදේශීය මට්ටම් දක්වා වූ පුළුල් මෙන්ම, මනාව සම්බන්ධීකරණය වූ ප්‍රතිචාරයක් අවශ්‍ය බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කළා.

නව ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ වත්මන් රජයේ හුදෙක් අපේක්ෂාව වන්නේ පෙර සූදානමක් සහිතව ආපදා සඳහා ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම බවත් සම්පත් තුයියකොන්තා මහතා ප්‍රකාශ කළා.

පශ්චාත් ආපදා තත්ත්වයන් හි දි තම අතිශය තීරණාත්මක භූමිකාව තුළ ක්‍රියාත්මක වෙමින් තමන් වෙත පැවරෙන කාර්යභාරය සිදු කරනු ලබන අතර ම දරිද්‍රතාව අවම කිරීම සහ ප්‍රජා සවිබල ගැන්වීම අවධාරණය කරමින් ජනතාවට ආපදා හමුවේ මෙන් ම, ඉන් පසුව ද ඒ සඳහා ශක්තිමත්ව මුහුණදීමට ඇති හැකියාව ඉහළ නැංවීමට කටයුතු කරනු ලබන බවයි ආරක්ෂක ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.

‘Reflections on Two Decades from Tragedy to Resilience: Retrospect of the 2004 Indian Ocean Tsunami’ යන තේමාව යටතේ මෙම සම්මන්ත්‍රණය පැවැත්වුණා.

WhatsApp Image 2024 11 05 at 13.24.25 1
WhatsApp Image 2024 11 05 at 13.24.25
WhatsApp Image 2024 11 05 at 13.24.24 1
WhatsApp Image 2024 11 05 at 13.24.24


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03