ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ජපාන යුධ නෞකාවක නිරීක්‍ෂණ චාරිකාවක

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්‍ෂක ලේකම් සම්පත් තුයියකොන්තා , ඊයේ (28) සන්ධ්‍යාවේ කොළඹ වරායට ළඟා වූ ‘JMSDF AKEBONO’ ජපාන යුධ නෞකාවේ නිරීක්‍ෂණ චාරිකාවකට සහභාගී වුණා.

මෙරට නිල සංචාරයක් සඳහා පැමිණි ජපාන සාගර ස්වයංආරක්‍ෂක බලකායට (JMSDF) අයත් destroyer කාණ්ඩයේ AKEBONO (DD 108) නෞකාව ඊයේ උදෑසන ශ්‍රී ලංකාවට සේන්දු වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අතිගරු Akio ISOMATA මැතිතුමා සහ නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් ARAI Katsutomo විසින් නෞකාව නැරඹීමට පැමිණි සම්භාවනීය අමුත්තන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.

කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුණා.

නියෝජ්‍ය අමාත්‍ය ජයසේකර, නෞකාවේ පැවති උත්සවයේ ගෞරවණීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර එහිදී රැස්ව සිටි පිරිස අමතමින්, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය හා වෙරළාරක්‍ෂක හැකියාවන් ඉහළ නැංවීම සඳහා මෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරම සහ අනෙකුත් ජාත්‍යන්තර අපරාධ මැඩලීම සඳහා ජපාන රජය විසින් ලබා දෙන දිගුකාලීන හා අඛණ්ඩ සහයෝගය පිළිබඳව සිය ප්‍රශංසාව පළ කරනු ලැබුවා.

එමෙන්ම, කලාපීය සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය තහවුරු කිරීම සඳහා දෙරට අතර ශක්තිමත් සමුද්‍රීය හවුල්කාරිත්වයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
CTB - Private බස් අතර උණුසුම් තත්ත්වයක්.."මොකක්ද කියන්නේ තෝ - උඹට බයේ යන්න ඕනිද?"
02:17
Video thumbnail
බේකරි නිෂ්පාදනවල මිල තවත් ඉහළ යයිද ? වසන්ත හෙළිකරයි..ඇයි කන්න හොඳ ජාතියට ටැක්ස් වැඩි කරන්නේ
04:55
Video thumbnail
හැටන් දොරවල වත්තේ රක්ෂිතයක හදිසියේම ඇතිවූ ගින්න
00:43
Video thumbnail
රටේ බඩු මිලත් එක්ක සතොස අද තත්ත්වය.."වෙනදා 5kg ගන්නවනම් අද දෙන්නේ 2kgයි..ඔක්කොම බඩු තියෙනවා"
02:03
Video thumbnail
හමුදාවෙන් නිවාඩු පැමිණ අත්බෝම්බෙන් සෙල්ලම් දැම්ම අයියා මලෝ..කිසිවෙකු නොදුටු CCTV දර්ශන පෙළක් එළියට
01:47
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට
00:35
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට - වලාන OIC පෙනී සිට ව්‍යාපාරිකයින්ගෙන් සල්ලි අරගෙන
01:06
Video thumbnail
බොරුයි හොරුයි එකතුවෙලා - කවදාවත් මෙහෙම වෙලා නෑ
12:24
Video thumbnail
කුණු කොල්ලෙට විකිණෙන තඹුත්තේගම එළවළු
01:05
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ටික අපි වටලනවා
10:27