ආයුර්වේද සම්බාහන ශිල්පීන්ට NVQ 04 මට්ටමේ ගුණාත්මක අධ්‍යාපනයක්

ආයුර්වේද සම්බාහන ශිල්පීන් උදෙසා NVQ 04 මට්ටමේ ගුණාත්මක පාඨමාලාවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

මෙම ක්ෂේත්‍රය සඳහා දේශීයව මෙන්ම විදේශීයව විශාල ඉල්ලුමක් පවතින අතර මේ වන විට ජපානයෙන් පමණක් ආයුර්වේද සම්බාහන ශිල්පීන් 500 ක් සඳහා රැකියා අවස්ථා ලබා දෙන බවට දන්වා ඇති බවයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා කියාසිටියේ.

එමෙන්ම විවිධ රටවලින් විවිධ සුදුසුකම් සහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ලැබී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

කෙසේවෙතත් ජපානය, කොරියාව වැනි රටවල රැකියා අවස්ථා සඳහා අදාළ භාෂා කුසලතාවය නොමැති වීම ගැටළුව වී ඇති අතර NVQ 04 මට්ටමේ පාඨමාලාවක් සකසනු ලබන්නේ එම අවශ්‍යතා සම්පූර්ණ කරමින් සුදුසුකම් ලත් සම්බාහකයින් පිරිසක් බිහි කරලීමේ අරමුණින් බවයි ඔහු පෙන්වා දුන්නේ.

ලොව පිළිගත් වෘත්තීය අධ්‍යාපනයකින් සමන්විත වෘත්තිය ආයුර්වේද සම්බාහන ශිල්පීන් බිහි කරලීම උදෙසා ජාතික වෘත්තීය නිපුණතා මට්ටම 04 සඳහා ජාතික නිපුණතා සම්මතයන් සහ නිපුණතා පදනම් වූ විෂය නිර්දේශය එළි දැක්වීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම නාවින්න දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේදී සිදු කෙරුණා.

නිපුණතාවය සහිත සම්බාහන ශිල්පීන් බිහි කිරීම, ආයුර්වේද සම්බාහන ශිල්පය ප්‍රමිතිකරණය තුළින් දේශීය හා විදේශීය රැකියා අවස්ථා බිහි කිරීම, වෛද්‍ය හා සුවස්තතා සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම, ප්‍රජාවගේ ආර්ථික තත්ත්වය හා ජීවන තත්ත්වය ඉහළ නැංවීම මෙහි අරමුණයි.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩපිළිවෙළ ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ඇති දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය සහ තෘතිය සහ වෘත්තීය අධ්‍යාපන කොමිසම එක්ව ආයුර්වේද සම්බාහන ශිල්පී ජාතික නිපුණතා මට්ටම 04 සඳහා වූ ජාතික නිපුණතා සම්මතයන් සහ නිපුණතා පදනම් වූ විෂය නිර්දේශ අන්තර්ජාලය වෙත නිකුත් කිරීම එහිදී සිදු වී තිබෙනවා.

එම අවස්ථාවේදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා…

ආයුර්වේද සම්බාහන ශිල්පීන් උදෙසා NVQ 04 මට්ටමේ ගුණාත්මක පාඨමාලාවක් හඳුන්වා දීමට කටයුතු කිරීමට ලැබීම අප ලද ජයග්‍රහණයක්. මෙම ක්ෂේත්‍රය සඳහා දේශීයව මෙන්ම විදේශීයව විශාල ඉල්ලුමක් පවතිනවා. මේ වන විට ජපානයෙන් පමණක් ආයුර්වේද සම්බාහන ශිල්පීන් 500 ක් සඳහා රැකියා අවස්ථා ලබා දෙන බව දන්වා තිබෙනවා.

ඒ වගේම විවිධ රටවලින් විවිධ සුදුසුකම් සහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ලැබී තිබෙනවා. නමුත් ජපානය, කොරියාව වැනි රටවල රැකියා අවස්ථා සඳහා අදාළ භාෂා කුසලතාවය නොමැති වීමයි ගැටළුව වී තිබෙන්නේ. අප NVQ 04 මට්ටමේ පාඨමාලාවක් සකසනු ලබන්නේ එම අවශ්‍යතා සම්පූර්ණ කරමින් සුදුසුකම් ලත් සම්බාහකයින් පිරිසක් බිහි කරලීමේ අරමුණින්. අපිට විදේශ මුදල් නොමැතිව විශාල අර්බුදයක ඉන්න මෙහොතක මේ දේශීය වෛද්‍ය ක්‍රමය තුළින් රටට විශාල මුදලක් උත්පාදනය කර දිය හැකියි. අපි කළ යුත්තේ රට ගොඩ නගන්න උදව් කරන එකයි.රාජ්‍ය මැදිහත් වීම මත ක්‍රියාත්මක ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන 50 ක් ආරම්භ කරන ලෙසටත් මම ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවට උපදෙස් දුන්නා.

මේ වන විට හැම තැනම සම්බාහන මධ්‍යස්ථාන තිබෙනවා. හැබැයි ඒ ළගින් නෙවෙයි, ඒ පැත්තකින්වත් යන්න ලැජ්ජයි. ලංකාවේ ස්පා කියලා නම ගහලා තියෙන තැනකින්වත් යන්න ලැජ්ජයි. ඒ තරම් මේ විශේෂ වෛද්‍ය ක්‍රමය විකෘති වී තිබෙනවා. ඒ නිසා තමයි අපි මේ අළුත් ක්‍රමය, අළුත් වැඩපිළිවෙළ හඳුන්වා දුන්නේ.

අපි අළුතින් හිතලා අපේ ඉදිරි පරම්පරාව වෙත මේ දේශීය වෛද්‍ය ක්‍රමය දායද කළ යුතුයි. මේ දේශීය වෛද්‍ය ක්‍රමය තුළින් අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකියි. අපි මේ වන විට ආයුර්වේද ක්ෂේත්‍රයේ සුවිශාල පරිවර්තනයක් සිදු කර තිබෙනවා. මේ වන විට දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මේ රටේ සක්‍රීයම අමාත්‍යාංශය බවට පත් කර තිබෙනවා. හැමවෙලේම වැඩ කරන ආයතනයක් බවට පත් කර තිබෙනවා. මේ රටේ දේශීය වෛද්‍ය ක්‍රමය තුළින් පමණක් දියුණු කළ හැකියි. ඒ සඳහා සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදී දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් අප හා එක්ව කටයුතු කරන ලෙස ඔබ සැම සියළු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
58
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15