ආබාධිත පුද්ගලයන්ගේ උපකරණවල මිලත් ඉහළට

ආබාධිත පුද්ගලයන් පාවිච්චි කරන කෘතීම පාද, රෝද පුටු , සැරයටි, කිහිලිකරු  ඇතුළු උපකරණ වල මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් ඇතිබව ආබාධ සහිත පුද්ගල ඒකාබද්ධ සංගමය පවසනවා.

ආබාධිතයන්ගේ උපකරණ අතර විදුලි රෝද පුටු සඳහා භාවිතා කරන බැටරි, ජෙල් මෙට්ට, ජල මෙට්ට, ශ්‍රවණාධාර උපකරණ, සවන් වහල් සඳහා භාවිත කරන බැටරි, බ්‍රේල්  ලිවීමේ උපකරණ, බ්‍රේල් යතුරුලියන, ඇබකස්, ඇවිදින රාමුව උපකරණය කැතීටර් යනාදීයේද මිල ඉහළ ගොස තිබෙනවා.