ආපදා රථයට යටවි අයෙකු මිය යයි.. රියදුරු බිමතින්

නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් ආපදා රථයකට යට වි 71 හැවිරිදි දෙදරු පියෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නාවලපිටිය පැණිතුඩුව ප්‍රදේශයේ පදිංචි සරත් කුමාර පියදාස (71) නැමති දෙදරු පියෙකි.

නාවලපිටිය ලංගම  ඩිපෝවේ සිට ගිනිගත්හේන දක්වා ධාවනය කර ඇති ආපදා රථයට මරණකරු එම මාර්ගයේ නාවලපිටිය අනුරුද්ධ ප්‍රාථමික විද්‍යාලය අසලදි ගැටි ඇති අතර, අනතුර පොලිසියට වාර්තා නොකර ආපදා රථයේ රියදුරු පලා යමින් සිටියදි නාවලපිටිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් ලුහුබැද ගොස් සැකකාර රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගත් අවස්තාවේ ඔහු බිමත්ව සිටි බවත්, තුවාලකරු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු ජිවිතක්ෂයට පත් වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?