ආපදා රථයට යටවි අයෙකු මිය යයි.. රියදුරු බිමතින්

නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් ආපදා රථයකට යට වි 71 හැවිරිදි දෙදරු පියෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නාවලපිටිය පැණිතුඩුව ප්‍රදේශයේ පදිංචි සරත් කුමාර පියදාස (71) නැමති දෙදරු පියෙකි.

නාවලපිටිය ලංගම  ඩිපෝවේ සිට ගිනිගත්හේන දක්වා ධාවනය කර ඇති ආපදා රථයට මරණකරු එම මාර්ගයේ නාවලපිටිය අනුරුද්ධ ප්‍රාථමික විද්‍යාලය අසලදි ගැටි ඇති අතර, අනතුර පොලිසියට වාර්තා නොකර ආපදා රථයේ රියදුරු පලා යමින් සිටියදි නාවලපිටිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් ලුහුබැද ගොස් සැකකාර රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගත් අවස්තාවේ ඔහු බිමත්ව සිටි බවත්, තුවාලකරු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු ජිවිතක්ෂයට පත් වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06