පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ බලපෑ ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
රාජ්‍ය පරිපාන, පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඊට අදාළ චක්‍රලේඛය ඊයේ (15) නිකුත් කරනු ලැබුවා.
ඒ, අනුව ආපදා තත්ත්වය හේතුවෙන් පදිංචි ස්ථානයේ සිට සේවා ස්ථානයට පොදු ප්‍රවාහන සේවා ඇණ හිටීම නිසා සේවයට වාර්තා කිරීමට නොහැකි වූ නිලධාරීන් මාර්ග අවහිර වීම හේතුවෙන් හෝ ව්‍යසනයන්ගෙන් විපතට පත්වීම හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකි වූ නිලධාරීන් සඳහා මෙම විශේෂ නිවාඩු ලබාදීමට නියමිතයි.
මෙම නිවාඩු ලබාගැනීම සඳහා තමාට රාජකාරියට වාර්තා කිරීමට නොහැකි වූ හේතුව සඳහන් කරමින් ප්‍රාදේශීය ලේකම්වරයා සහතික කරන ලද, පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගේ නිර්දේශය සහිත ඉල්ලීම සේවය කරනු ලබන ආයතන ප්‍රධානියා වෙත ඉදිරිපත් කළ යුතුයි.
මෙම විශේෂ නිවාඩු ලබාදීම නොවැම්බර් සහ දෙසැම්බර් යන මාසවලට අදාළව පමණක් සිදුකළ යුතු වනවා.















