සමස්ත දිවයිනටම බලපෑ ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 334ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.
එම මධ්‍යස්ථානය පවසන්නේ තවත් පුද්ගලයින් 370 දෙනෙක් අතුරුදන්ව ඇති බවයි.
මින් වැඩිම මරණ සංඛ්‍යවක් මහනුවර මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 88ක් ලෙසයි.
ඉඔට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 71ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 68ක්, කුරුණෑගලින් මරණ 37ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 23ක් සහ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මරණ 12 වාර්තා වනවා.
මේ අතර පවුල් 309,607කට අයත් පුද්ගලයින් 1,118,929 අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින අතර, සුරක්ෂිත මධ්‍යස්ථාන 1,494ක් ක්‍රියාත්මක බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.
එම සුරක්ෂිත මධ්‍යස්ථානවල පවුල් 55,747ක පුද්ගලයින් 196,790 දෙනෙක් රඳවා සිටින බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.













